මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ පිහිටා ඇති ‘නරකාදියේ දොරටුව’ ලෙස හඳුන්වන ඩර්වාසා ගෑස් ආවාටයේ නවතම ඡයාරූප පෙළකි මේ. මෙම ස්වභාවික ...
මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ පිහිටා ඇති ‘නරකාදියේ දොරටුව’ ලෙස හඳුන්වන ඩර්වාසා ගෑස් ආවාටයේ නවතම ඡයාරූප පෙළකි මේ.
මෙම ස්වභාවික ගෑස් ආවාටය 1971 වසරේ සිට ස්වභාවිකව දැවෙමින් පවතින්නකි.
මෙහි ඇති මීතේන් වායුව පැතිරීම වළකනු පිණිස එය දැවෙන්නට සැලැස්වූයේ භූ විද්‍යාඥයන් පිරිසක් බවට සැළකේ.
1971 වසරේදී මෙහි පිහිටා තිබුණේ සාමාන්‍ය තැනිතලා බිමක් වන අතර එහි තිබූ ස්වභාවික ගෑස් පිරුණු ගල්ගුහාවක් විදීමට සෝවියට් භූ විද්‍යාඥයන් විසින් කටයුතු කර ඇත.
එහිදී දරුණු අනතුරක් සිදුව ඇති අතර, ගල විදිමින් තිබූ උපකරණ, වාහන සියල්ල පොළොව තුළට එක්වරම ගිලාබැස තිබේ.
එහිදී පොළොවෙහි දැවැන්ත කුහරයක් සෑදී ඇති අතර භූ විද්‍යාඥයන්ද එ් තුළට වැටී ඇත.
කිසිවකු මින් තුවාල නොලැබුව ද ඉතා වේගයෙන් ගෑස් පිටතට විදීමට පටන් ගෙන තිබේ.
භූ විද්‍යාඥයන් භීතියට පත්ව ඇත්තේ මෙමගින් විෂ වායු අපගේ වායුගෝලයට මුදාහැරීමෙන් දරුණු තත්ත්වයක් හටගනු ඇති බවය.
එම නිසා ක්ෂණිකව මෙම කුහරය තුළ ගිනිතැබීමක් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
භූ විද්‍යාඥයන්ට අපේක්ෂා කර ඇත්තේ එම ගින්න දින කිහිපයකින් සියලූ ගෑස් දැවී ගිය පසුව නිවී යනු ඇති බවයි.
නමුත් වසර 47ක් ගෙවී යන අද දිනට වනවිටත් අඛණ්ඩව මෙම ආවාටය ගින්නෙන් දැවෙමින් පවතී.



COMMENTS