මේ බව සනාථ කිරීමට ඔහු විසින් පිටු 11 කින් සමන්විත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු විසින් සිදුකළ මූලි...
මේ බව සනාථ කිරීමට ඔහු විසින් පිටු 11 කින් සමන්විත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු විසින් සිදුකළ මූලික කාර්යයන් මෙන්ම ඒවා එසේ සිදුකළේ අහිංසක සිතින් හෙවත් සද්භාවයෙන් බව ද එහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියි.
“මා මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙක් සමග, කිසිදු විදේශ රාජ්‍යයක් සමග වංචනික ආකාරයෙන් ක්‍රියා කළේ නැත..” ඔහු තවදුරටත් මෙසේ ද කියයි. “මට කිසිදු අනිසි සම්බන්ධතාවයක් තිබුණේ නැත. මා රුසියානු මුදල් භාවිතා කළේ මාගේ පුද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා ය.!”
විදෙස් රාජ්‍යයන් සමග ඛටයුතු කිරීම තමන්ගේ රාජකාරි හෝ වගකීම්වල කොටසක් වූ බවද” ඒ පදනම මත පමණක් තමන් රුසියානු නිලධාරීන් සිව් දෙනෙක් හමුවූ බව ද ඔහු තවදුරටත් කියා සිටියි. මෙකී රැස්වීම්වලදී පවා තමන් අතරින් කිසිවෙක් ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් නොවූ බව ද ඔහු තවදුරටත් කියා සිටියි. මේ සඳහා ඔහු උදාරහණයක් ද ලබාදෙයි. රුසියාවේ සර්ජි කිස්ලියැක් ව පසුගිය දෙසැම්බරයේ ට්‍රම්ප් ටවර් හිදී මුණ ගැසුණු විට ඒ මුණගැසීම සිදුවූයේ හුදෙක්ම සිරියාවේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට පමණක් බවත්, ඊට වඩා දෙයක් එහිදී කතා නොවුණු බවත් ඔහු පවසයි.
කෙසේ නමුත් මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ ට්‍රම්ප්ගේ බෑණා මීට අමතරව කිස්ලියැක් වෙත තවත් දුරකථන ඇමතුම් දෙකක් ද ලබාදී තිබෙන බවයි. නමුත් මේ චෝදනාව ‘අතිශය සැක සහිත බව’ බෑණා කියයි. සිය වාර්තාවෙන් ඔහු ඒ ගැන දක්වන අදහස් මෙසේ ය. “රුසියානු තානාපතිවරයා සමග එවැනි දුරකථන සංවාදවල යෙදුණු බවක් මට මතක නැත”
තවද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුතා වන ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්’ සහ රුසියානු බලධාරීන් සමග පැවැත්වූ හමුවක් කී හමුව කාලය කා දැමීමක් වූ බවද බෑණා කියයි. ඔහු පවසන්නේ තමන් එම රැස්වීමට ප්‍රමාද වී ගිය බව සහ, නීතිඥයන් යම්කිසි නීති ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නට පටන් ගත් නිසා තමන් කලින්ම එම ස්ථානයෙන් පිටත් වී ආ බවයි.
සැබවින්ම මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මුළු පවුලම රුසියානු සබඳතා පිළිබඳ නැගෙන චෝදනා එකහෙළාම ප්‍රතික්ෂේප කරමින් සිටියි. මේ පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම ට්වීටයේ දළ අදහස මෙසේ ය. “අවුරුද්දක් විමර්ශනය කරලත් කිසි දෙයක් හොයාගන්න බැරිවුණා. චක් ෂුමර් කිව්ව වගේම ඩිමොක්‍රටික් පාක්ෂිකයො දැන් රුසියාවට නෙවෙයි, තමන්ටම දොස් කියාගත්තොත් හොඳයි..!!”
එසේම තම ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් වෙත ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සුපුරුදු වාග් ප්‍රහාරය ට්විටර් හරහා මෙසේ මුදා හරියි. “වංක හිලරිගෙ වැරදි සහ රුසියානු සම්බන්ධය ගැන මේ විමර්ශකයො හෙව්වොත් නරකද?”
කලේන්ද්‍ර විතාන විසිනි.
පරිවර්තනය: අමාලි ජයවීර
COMMENTS