දුර වැඩියි හසු නොවෙයි නොදොඩයි මා දිහා නොබලයි බැස යන්න මොහොතක් තියා සංඥාවකුදු නොකරයි. දුක් පණිවිඩ ලියූ හසුන් එල්ලා තබමි තැන තැන ඒ රැ...
දුර වැඩියි හසු නොවෙයි
නොදොඩයි මා දිහා නොබලයි
බැස යන්න මොහොතක් තියා
සංඥාවකුදු නොකරයි.
දුක් පණිවිඩ ලියූ
හසුන් එල්ලා තබමි තැන තැන
ඒ රැගත් කදෝකිමියන්
ගගන සිසාරා ඉගිළෙයි .
වර්ෂාව එයි සිත තෙමෙයි
ඉඩෝරය කල් පවතියි
අයිතිකරුවෙක් නැති
ලවණ රස පිනි බිඳක් දිදුලයි.
COMMENTS