දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කළකිරීමක“ - සුජීව සේනසිංහගෙන් ජනපතිට දෝස්මුරයක්!
Homeප්‍රවෘත්ති

“මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කළකිරීමක“ - සුජීව සේනසිංහගෙන් ජනපතිට දෝස්මුරයක්!

PropellerAds

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමන...

හදිසි නීති රෙගුලාසි බලාත්මකයි.. ආරක්‍ෂක ලේකම්ගේ ප‍්‍රකාශය නොතකා සියළු තරු හෝටල් ඉදිරියේ අවිගත් සෙබළුන් !
ජනාධිපති දෙවරක්ම දැන්වුවත් පොලිස්පති ධුරයෙන් අස් නොවෙයි.. ජනපතිගේ පැය 24 නිමයි !
පකිස්ථාන ජාතිකයින් 600 කට උන්හිටි තැන් නැතිවේ !
“මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කළකිරීමක“ - සුජීව සේනසිංහගෙන් ජනපතිට දෝස්මුරයක්!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

රාජපක්ෂලත් විනාශ කර එක්සත් ජාතික පක්ෂයත් විනාශ කර ජනාධිපතිවරයාට 2020 විශාල බලයක් එයි කියා එක ආයතනයක් දන්වා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී සුජීව සේනසිංහ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා. මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.

ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්. පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ. හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කළකිරීමක“ - සුජීව සේනසිංහගෙන් ජනපතිට දෝස්මුරයක්!
“මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කළකිරීමක“ - සුජීව සේනසිංහගෙන් ජනපතිට දෝස්මුරයක්!
http://ift.tt/2zWyhuf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy