රට තුළ කිසිම ඉන්ධන හිඟයක් නැති බවත් එහෙත් ඉන්ධන තබාගෙන ඒවා බෙදාහැරීම සිදු නොකළ ඉන්ධන පිරවුම්හල් ඉදිරියේදී සංස්‌ථාවට පවරා ගන්නා බව ඛනිජ තෙ...
රට තුළ කිසිම ඉන්ධන හිඟයක් නැති බවත් එහෙත් ඉන්ධන තබාගෙන ඒවා බෙදාහැරීම සිදු නොකළ ඉන්ධන පිරවුම්හල් ඉදිරියේදී සංස්‌ථාවට පවරා ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඉන්ධන බෙදාහැරීම් සිදු නොකළ එවැනි ඉන්ධන හල් පිළිබඳව සංස්‌ථාවේ හදිසි වැටලීම් ඒකකය මගින් හඳුනාගෙන ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
එසේම රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාරය කරමින් මහජනතාව නොසන්සුන් බවට පත් කරන අය හඳුනා ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි පැමිණිල්ලක් පෙරේදා (20) ගොනු කළ බවත් ඇමැතිවරයා පැවසීය.
COMMENTS