පනත් කෙටුම්පත සම්මත වූයේ වැඩි ඡන්ද 78 කිනි. මේ අතර පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර විදේශ අමාත්‍යවරයා සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් විපක්...
පනත් කෙටුම්පත සම්මත වූයේ වැඩි ඡන්ද 78 කිනි.
මේ අතර පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර විදේශ අමාත්‍යවරයා සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කෙළේය. ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ඇමතිවරයා සභාවේ සිටිය යුතු බවයි. පාර්ලිමේන්තු සැසිවාරය හේතුවෙන් බරපතල වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නොහැකි බව දන්වා තිබූ රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම ද පැහැර හැර අති බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සවස 2.30 ට පමණ ඇමතිවරයා සභාවට පැමිණි අතර ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාව හේතුවෙන් ප්‍රමාද වූ බවයි.
COMMENTS