හි ටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. ඒ ඔහු ව...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. ඒ ඔහු විසින් රිෂාඩ් අමාත්‍යවරයා යටතේ තිබූ ලංකා සතොස ආයතනයේ වාහන ඉකුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවට කඩුවෙල ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහිවය.
ලංකා සතොසට අයත් වාහන ආගිය තොරතුරු GPS තාක්ෂණය ඔස්සේ විමසා බැලීමෙන් පසුව මේ එන්තරවාසිය යවා තිබේ.
වීරවංශ මහතා සඳහන් කරන ස්ථානයට සතොස වාහන ගොස් නැති බවද ලංකා සතොස තහවුරු කර ඇත.
මේ අතර, මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

COMMENTS