දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලි මෑණිට බෙහෙත් නියම කරන්න පුළුවන්ද ? - ඉන්දික තොටවත්තගේ විග්‍රහයක්
Homeප්‍රවෘත්ති

කාලි මෑණිට බෙහෙත් නියම කරන්න පුළුවන්ද ? - ඉන්දික තොටවත්තගේ විග්‍රහයක්

PropellerAds

කොරෝනා වයිරසයෙන් සමස්ත ලෝකයම පීඩා විඳින මේ වකවානුවේ ඒ වෙනුවෙන් ලබා දිය හැකි ඖෂධ පිළිබඳ අලුත් කතිකාවක් ශ්‍රී ලාංකීය ජන සමාජයේ නිර්මාණය වෙමි...

ශ‍්‍රී ලංකාව ආසියානු කුසලානය දිනයි..
මහ රැජිනගේ 50 විවාහ සංවත්සරයේ ප‍්‍රධාන කතාව කලේ මමයි..- චන්ද‍්‍රිකා
තෙල් නැව් 4ක් ආවත් ගෙවාගන්න සල්ලි නෑ! ආණ්ඩුව හතර අතේ ඩොලර් මිලියන 150ක් හොයයි!
කොරෝනා වයිරසයෙන් සමස්ත ලෝකයම පීඩා විඳින මේ වකවානුවේ ඒ වෙනුවෙන් ලබා දිය හැකි ඖෂධ පිළිබඳ අලුත් කතිකාවක් ශ්‍රී ලාංකීය ජන සමාජයේ නිර්මාණය වෙමින් තිබේ. එය ඉතා සාධනීය සහ සුබදායක තත්ත්වයකි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර කොරෝනා පැණිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොරෝනා සඳහා සිය ගණනක් වූ දේශීය ඖෂධ ඉදිරිපත් වෙමින් පවතී. එහෙත් අවාසනාවකට මෙන් මෙම රෝග තත්ත්වය හා ඊට අදාළව ඇති විසඳුම් පිළිබඳව ආයුර්වේදීය අර්ථකථනය මෙසේ බෙහෙත් සොයන කිසිදු ආයුර්වේද වෛද්‍යවරයකු ඉදිරිපත් කළ බවක් නොපෙනේ. කොරෝනා වැනි වසංගත රෝග පිළිබඳවද එවැනි අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එම වසංගත රෝග හා අන්තරීක්ෂ ශක්තිය විශ්වීය ග්‍රහ තාරකාවන්ගේ ක්‍රියාකාරීත්වය අතර ඇති අන්තර් සම්බන්ධය පිළිබඳව ද ආයුර්වේදයේ ඉතා පැහැදිලිව දක්වා තිබේ. එහෙත් ඒ කිසිදු කරුණක් නූතන ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අවධානයට ගන්නා බවක් පෙනෙන්නට නැත. අප පළමුව කොවිඩ්-19 රෝගය ආයුර්වේදීය අර්ථදැක්වීම් අනුව කුමන වර්ගයකට අයත් රෝගයක් දැයි විමසා බලමු.

ආයුර්වේදයෙහි රෝග අර්ථදැක්වීම් වර්ග ගණනාවක් තිබේ. රෝගයක් සුව කළ හැකි නො හැකි බව පදනම් කරගත් අර්ථදැක්වීම් ක්‍රමය අපි මෙහිදී යොදා ගනිමු. රෝගයක් සුව වන, නොවන අන්දම අනුව ප්‍රධාන වශයෙන් රෝග වර්ග තුනකට බෙදිය හැකිය. ඒ,
1. සාධ්‍ය 2. යාප්‍ය 3. අසාධ්‍ය.

සාධ්‍ය යනු සුව කළ හැකි සියලුම රෝග අයත් වර්ගයයි. යාප්‍ය, සුවකළ නොහැකි එහෙත් ඖෂධ හා යහපත් සෞඛ්‍යමය චර්යාවන් මගින් පාලනය කළ හැකි රෝග තත්ත්වයන් වේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග හා නිදන්ගත තත්ත්ව මෙම ගණයට වැටේ. අසාධ්‍ය යනු කුමන ඖෂධ දුන්නද කුමන යහපැවැත්මෙන් යුක්ත වුවද සුවකළ නොහැකි ස්ථිරවම මරණය කැඳවන රෝග වේ. ඇතැම් පිළිකා රෝග ඊට අයත්ය.

කොවිඩ්-19 තත්ත්වය බලමු. එයට මුහුණ දෙන අපේ රටේ රෝගීන් අතරින් 99.5% ක් පමණ සුවපත් වන බව දක්නට ලැබේ. කොවිඩ් රෝගය වැලඳුණ රෝගීන් ගණන හා මියගිය රෝගීන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සසඳා බලන විට මිය යන ප්‍රමාණය 0.5%ක් හෝ ඊට ආසන්නය. එබැවින් මෙම රෝග තත්ත්වය සාධ්‍ය රෝගයක් ලෙස සැලකිය හැකිය. සාධ්‍ය රෝගද වර්ග දෙකකට බෙදේ. සාධ්‍ය හා කුච්ච සාධ්‍ය යනුවෙනි. කුච්ච සාධ්‍ය යනු ඉතා අපහසුවෙන් සුව කළ හැකි රෝග වේ. උදාහරණයක් ලෙස ඇතැම් සර්ප දෂ්ටනයන් මේ වර්ගයට අයත් වේ. එහෙත් රෝගයට ප්‍රතිකාරයක් නොලබා පවා 99.5%ක් සුව වන කොරෝනා රෝගය සැලකිය හැක්කේ පහසුවෙන් සුව වන සාධ්‍ය රෝගයක් ලෙසය. අනෙක් අතට මෙවැනි එකවරම සමස්ත ජනපදයක් එනම් සමස්ත නගරයක් හෝ රටක් වෙලා ගන්නා ශීඝ්‍රයෙන් බෝවන රෝග ආයුර්වේදය දක්වන පරිදි ජනපදෝත්වංශ හෙවත් වසංගත රෝග ලෙස ආයුර්වේද විෂය සලකනු ලබන්නේ වාතය හෝ ජලය මගින් පැතිර යන රෝග ලෙසය. ජනපද රෝගයක් හෙවත් වසංගත රෝගයක් පැතිරීමට හා එම රෝගය නිසා පුද්ගලයන්ගේ මරණ සිදුවීමට අදාළ වන සාධක හතරක් ආයුර්වේදයේ දක්වා ඇත. එනම් වාත, උදක, වේෂ, කාල, වාත හා උදක යනු ආයුර්වේදයෙ අර්ථ දැක්වීම අනුව වසංගත රෝගයක් බෝවීම සඳහා ව්‍යාප්ත වීම සඳහා අදාළ මාධ්‍ය වේ. වේෂ, කාල යනු එම රෝගයට ලක්වන පුද්ගලයාගේ මරණ අනුපාතය තීරණය කිරීමට සිදුවන සාධක වේ. ආයුර්වේදයට අනුව ඇතැම් වේෂ ස්වභාවයෙන්ම ප්‍රතිශක්ති අධික පුද්ගලයන් උපත ලබන ප්‍රදේශය ආයුර්වේදයට අනුව ඇතැම් කාල ප්‍රතිශක්තිය අධික පුද්ගලයන් උපත ලබන කාල වේ. මේ අනුව මෙම සාධක මත පිහිටා ජනපදෝත්වංශ රෝග ආයුර්වේදය විග්‍රහ කරයි. ජනපදෝත්වංශ රෝග පැතිරීමට හේතු හා ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් ලිවීමට මේ ඊට අවස්ථාව නොවේ. අප සලකා බැලිය යුත්තේ ජනපදෝත්වංශ හෙවත් මෙවැනි වසංගත රෝගයක් හමුවේ ආයුර්වේදය විසින් ඊට ලබා දෙන විසඳුම කුමක්ද යන්නයි. ජනපදෝත්වංශ හෙවත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අර්ථ දැක්වෙන වසංගත රෝග පාලනය කිරීම ඉතා දුෂ්කරය.

එම රෝගයට අදාළ රෝග හේතු හඳුනා ගැනීම ඉතා දුෂ්කර ය. රෝග හේතුව හඳුනා ගත්තද එම හේතුවට ප්‍රතිකාර කිරීම ඉතා දුෂ්කර ය. ඒ අනුව ආයුර්වේදය රෝගයට ප්‍රතිකාර කිරීම අත්හරී. ඒ වෙනුවට යෝජනා කරන්නේ අදාළ රෝගයට මුහුණ දිය හැකි පරිදි රෝගීන් හෝ රෝගයෙන් තර්ජනයට ලක්විය හැකි පුද්ගලයන් සූදානම් කිරීමටය. උදාහරණයක් ලෙස අපට කිසියම් ගමනක් යාමට අවශ්‍ය නම් අප ගමන් කළ යුතු මාර්ගය කාපට් අතුරා සුව පහසු මාවතක් බවට තනා ගැනීම අපට පෞද්ගලිකව කළ නොහැකිය. එම මාර්ගයේ ඇති ගල් මුල් සහ වෙනත් බාහිර කරුණු නිසා වන බාධා වළක්වා ගැනීමට අපට පාවහන් යුගලක් භාවිත කළ හැකිය. වඩා පහසු විසඳුම මාර්ගය කාපට් කිරීමද අප පාවහන් යුගලක් පැලඳ එම ගමන යාමද? එසේම බටහිර වෛද්‍ය විද්‍යාව උත්සාහ කරන ආකාරයට මෙම වයිරස් රෝග සඳහා ප්‍රතිකාර කිරීම තරම් පහසු නැත. කොවිඩ් වයිරසයට නිශ්චිතවම එන්නතක් සොයා ගනු ලැබුවේ යැයි අපි සිතමු. තවත් මීට වඩා භයානක වයිරසයක් පැමිණිය හොත් එම වයිරසයට එන්නතක් සොයා ගැනීමට කොතරම් කල් ගත වේද? එම වයිරසය නිසා තවත් කොතරම් ජීවිත ගණනක් අහිමි විය හැකියිද? එබැවින් වයිරස්වලට ප්‍රතිකාර කිරීමට යාම සාර්ථක කටයුත්තක් නොවේ. එහෙත් මෙම වයිරස් හෝ ඕනෑම විෂබීජයකට මුහුණ දෙන පුද්ගලයන්ගේ අභ්‍යන්තර ප්‍රතිශක්තිය වර්ධනය කරවීමට යම් ක්‍රමයක් ඇත්නම් වයිරස් වලින් සිදුවන මරණ බොහෝ ගණනක් අඩු කළ හැකිය.

ආයුර්වේදය මේ සඳහා කදිම යෝජනාවක් ඉදිරිපත් කරයි. ඕනෑම ජනපදෝත්වංශ රෝගයක් හෙවත් පැතිරෙන වසංගත රෝගයක් පවතින අවස්ථාවක තර්ජිත පුද්ගලයන්ට රසායන ඖෂධ දෙන ලෙස ආයුර්වේදය යෝජනා කරයි. මෙම යෝජනාව අතිශයින් තාර්කික හා ප්‍රායෝගික එකකි. වයිරසය හෝ අදාළ රෝග කාරකය කුමක් වුවද අප ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිශක්තිය ප්‍රබල නම් අපගේ ත්‍රිදෝෂ සමතුලිත තත්ත්වයක පවති නම් එම අදාළ බාහිර රෝගකාරකය නිසා අපට ඇතිවිය හැකි අනතුර හෝ අවදානම් සහගත තත්ත්වය ඉතා අවම කර ගත හැකිය. මෙමගින් සියට සියයක් වයිරස් රෝග නිසා හෝ වසංගත රෝගයක් නිසා මිය යන පුද්ගලයන්ගේ ගණන බිංදුව දක්වා අඩු කළ හැකි යැයි අපි නොකියමු. ඊට හේතුව ආයුර්වේදයේම කියන පරිදි

“අපි ගර්මන්තරී වෛද්‍ය : කිං කරොති ගතා යුෂ”

පුද්ගලයකුගෙ කර්මානුකූල හේතු මත ආයුෂ අවසන් වී ඇත්නම් ධන්වන්තරී මහා ඍෂිවරයා පැමිණියේද කළ හැක්කක් නැත. එවැනි වැළැක්විය නොහැකි හේතු නිසා සුළු වශයෙන් ඇතැම් විට මරණ සිදුවිය හැකි නමුත් ආයුර්වේදයෙහි යෝජනා කරන මෙම රසායන ඖෂධ දෙන වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් අතිශය බහුතරයක් මෙම රෝග නිසා සිදුවන මරණ ගණන අඩු කරගත හැකිය. මෙහිදී රසායන තන්ත්‍රය ගැන යමක් සඳහන් කළ යුතුය. ආයුර්වේදය අංග අටකින් සමන්විත විද්‍යාවකි.

මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන්නේ රසායන තන්ත්‍රයයි. රසායන තන්ත්‍රයට සරල සිංහලෙන් වදනක් යොදන්නේ නම් ප්‍රවර්ධන ප්‍රතිකාර ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයකුගේ නිරෝගී බව, රූප ස්වභාව, යෞවනත්වය සහ ප්‍රතිශක්තිය යහපත් මට්ටමක තබා ගැනීමට ඉදිරිපත් කර ඇති ප්‍රතිකාර ක්‍රමය මෙයයි. මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකාවේ සෑම ආයුර්වේද වෛද්‍යවරයකුම දැනුවත්ය. එමෙන්ම මෙම රසායන තන්ත්‍රය සඳහා අවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ඇතැයි හෝ නොමැතිනම් ඔවුන්ට පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි යැයි අපි විශ්වාස කරමු.

ධන්වන්තරී, ආත්‍රය ආදී මහා සෘෂිවරුන් ඕනෑම වසංගත රෝගයක් හමුවේ කළ යුතු එකම ප්‍රතිකාරය ලෙස දක්වා ඇත්තේ මෙම රසායන ඖෂධ අදාළ පුද්ගලයන්ට දීමය. රසායන ඖෂධ සමග ත්‍රිදෝෂ ශාමක ඖෂධ දීමෙන් මෙම රෝග තත්ත්වය සැලකිය යුතු දුරකට මර්දනය කළ හැකි බවට අපට නිශ්චිතය. රසායන ප්‍රතිකාර දීමෙන් අති බහුතරයකගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම හරහා මෙම රෝගය ආසාදනය වීම වැළැක්විය හැකිය. යම් හෙයකින් උපතින්ම ප්‍රතිශක්තිය ඉතා දුර්වල පුද්ගලයකුට රසායන ප්‍රතිකාරය ලබා දුන්නද එම රෝගයට ලක්වීමට ඉඩ තිබේ. එසේ වුවත් ත්‍රිදෝෂ ශාමක ඖෂධ ලබාදීමෙන් අදාළ රෝගය ආසාදනය වන පුද්ගලයාගේ ත්‍රිදෝෂ අසමතුලිතතාවය හරහා එම රෝගය ඉස්මතු වීම ට ඇති ඉඩකඩ වැළැක්විය හැකිය.

රසායන තන්ත්‍රය මගින් ඕනෑම වසංගත රෝගයක් ජයගැනීමට හැකි අද්විතීය ඖෂධ පද්ධතියක් ආයුර්වේදයෙහි ඉදිරිපත් කොට තිබියදී එය පසෙක තබා ශ්‍රී ලාංකීය ජන සමාජය අන්ධ විශ්වාසවලට මුළා වී බැලූ බැල්මට මිථ්‍යාවක් පසුපස හඹා යෑම කනගාටුවට කරුණකි. ධම්මික බණ්ඩාර වෙදමහතාට ඖෂධය දුන් කාලි මෑණියන්ට ආයුර්වේදය හෝ වෛද්‍ය ඥානය පිළිබඳ කිසියම් අන්තර් සම්බන්ධයක් තිබේද සැබැවින්ම කාලි මෑණියන් යනු කවුද දෙවියන් මිනිසුන්ට ප්‍රතිකාර කරනවද නොඑසේ නම් සැබැවින්ම දෙවියන්ද රෝග තත්ත්ව හමුවේ මනුස්ස ලෝකේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත්තේද යන කාරණාව පිළිබඳ ආන්දෝලනාත්මක විශේෂ ලිපියක් ඉදිරියේදී සකස් කිරීමට අපි අපේක්ෂා කරමු.

කොරෝනා 99.5% කට ස්වභාවයෙන්ම සුව වන, ඉතා පහසුවෙන් පාලනය කිරීමට හා ජය ගැනීමට හැකියාව ඇති සරල රෝග තත්ත්වයක් පමණකි. එච්.අයි.වී වැනි අති භයංකර රෝග තත්ත්වයන්ට මුහුණ දී ඇති පුද්ගලයන්ගේ ආයුෂ පවා රසායන ඖෂධ ලබාදීමෙන් වර්ධනය කළ හැකිය. මේ සා අග්‍රගන්‍ය දියුණු ඖෂධ වේදයක් ඇති ආයුර්වේදය පිළිබඳ දැනුමක් ඇති ආයුර්වේද වෛද්‍යවරුන් තම විෂය පිළිබඳව මීට වඩා අභිමානයකින් හා උද්‍යෝගයකින් කටයුතු කළ යුතු බව අපගේ පෞද්ගලික මතයයි. මින් ඉදිරියටවත් මේ සඳහා යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු.

ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්තගේ විග්‍රහයක්
උපුටා ගැනීම - අරුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලි මෑණිට බෙහෙත් නියම කරන්න පුළුවන්ද ? - ඉන්දික තොටවත්තගේ විග්‍රහයක්
කාලි මෑණිට බෙහෙත් නියම කරන්න පුළුවන්ද ? - ඉන්දික තොටවත්තගේ විග්‍රහයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyPPmF7kEPjc2dIRK7iTMR4OqubvPauZKs6_jAD9w8rdXdz1oFDZJ9CQoCQcqkW0eugV3Rxv_fj8WD-fLrA8Fx4ELNMlxDKbweD2YoWa6na3aQgBP5FtyqXalkkOGOWfgiQ2Pl8TeRn8M/s320/indika-thotawaththa-kaali-maniyo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyPPmF7kEPjc2dIRK7iTMR4OqubvPauZKs6_jAD9w8rdXdz1oFDZJ9CQoCQcqkW0eugV3Rxv_fj8WD-fLrA8Fx4ELNMlxDKbweD2YoWa6na3aQgBP5FtyqXalkkOGOWfgiQ2Pl8TeRn8M/s72-c/indika-thotawaththa-kaali-maniyo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy