අදාළ ව්‍යාපාරික ස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් යකඩ පොල්ලකින් පහර දුන් බවයි විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහන් කළේ. පහර කෑම...
අදාළ ව්‍යාපාරික ස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් යකඩ පොල්ලකින් පහර දුන් බවයි විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහන් කළේ.
පහර කෑමට ලක්වූ විදුලි කම්කරු රුවන් චාමර මහතා මේ වන විට මුල්ලේරියාව දිසා රෝහලේ 7 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධියට මුහණ දුන් විදුලි කාර්මික සුසන්ත පෙරේරා මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අංගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අද පෙරවරු 11.00 වන විටත් එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි. අද උදෑසන පොලිසිය එම තැනැත්තාගේ නිවසට ගොස් ඇති අතර ඔහු නිවසේ නොමැති බව නිවැසියන් ප්‍රකාශ කර ඇති බව පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා තෙක් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සියලුම නිලධාරීන්,සේවකයන් රජාකාරී කටයුතු වලින් ඉවත්ව සිටින බවයි සුසන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත ප්‍රනාන්දු මහතා,
" විදුලිය විසන්ධි කිරීමේ කටයුතු වල නිරතව සිටියදී අඹතලේ ව්‍යාපාරික ස්ථානයකදී තමයි පහර දීම වුණේ. විදුලිය විසන්ධි කරනවාට එම ව්‍යාපාරිකයා විරෝධය පළ කළා. නමුත් අපි කරන්නේ අපේ රාජකාරිය. එයාලගේ පැත්තෙන් වෙන්න ඕන කාරණය හරියට වුණා නම් අපි ඇවිත් විදුලිය විසන්ධි කරන්නේ නැහැ. විදුලි කාර්මිකය විදිහට මම විදුලිය විසන්ධි කළා. පස්සේ අපි ඒකට ලොක් එකක් දානවා. මම එකේ නම්බරය මගේ සහයකයට දීලා යන්න හැරුණා. පස්සේ මට ටේප් රෝලකින් ඔලුවට දමලා ගැහුවා. මම බලද්දී යකඩ පොල්ලකුත් අරන් ගහන්න එනවා. යකඩ පොල්ලෙන් මගේ සහායකයාගේ පිට මැදට ගැහුවා. අපි රජයේ සේවකයෝ අපිට ගහන්න ඔයාලට අයිතියක් නැහැ. අපි කරන්නේ අපේ රාජකාරිය කියද්දී අසභ්‍ය විදිහට බැනගෙන ගහන්න අවේ. පස්සේ අපි එතනින් ඉවත්වෙලා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් කළා. මගේ සහයකයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිසියට තාමත් හැකි වෙලා නැහැ පහර දුන් තැනැත්තාව අත්අඩංගුවට ගන්න. මේ වෙද්දී ප්‍රදේශයේ ස්වභාවික විදුලිය බිඳ වැටීම් පවා තියෙනවා. නමුත් අපට ජනතාව වෙනුවෙන් සේවා සපයන්න බැහැ මේ පහර දීමට එරෙහිව සාධාරණයක් ඉටුවෙනතුරු."
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS