මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, මොණර...
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, මොණරාගල දිසාපති, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු රජයේ නිලධාරීන්ගේ අවධානය පිණිස ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය පහතින් පලවේ
මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා,
සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය,
බත්තරමුල්ල.
ප්‍රිය සභාපතිතුමනි,
උමා ඔය ඉහළ උමග මගින් පිටතට පැමිණෙන විෂ සහිත ජලය පරිසරයට එක්වීම සහ අලිකොටාර ජල මුලාශ්‍ර වෙත සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, නොදිරන අපද්‍රව්‍ය මිශ්‍රවීම සම්බන්ධයෙනි
2017.08.19 දින ඔබ සමග උක්ත කරුණ පිළිබද පැවැත්වූ දුරකතන ඇමතුමට අමතරවය.
අප සංවිධානයේ කණ්ඩායමක් උමා ඔය ඉහළ උමග තුළින් පිටතට පැමිණෙන ජලය ස්වභාවික ජල මුලාශ හරහා පරිසරය හා බද්ධ වන මාර්ගය දිගේ සති අන්තයේ දින දෙකක සමීක්ෂණයක්/නිරීක්ෂණයක නිරත විය. ගල් කුඩු, සිමෙන්ති, ඉදිකිරීම් කණ්ඩායම් විසින් භාවිත කරන විවිධ භාණ්ඩ, ප්ලාස්ටික්, ඉදිකිරීම් වැඩ බිමේ ප්‍රයෝජනය ගන්නා භාණ්ඩ, සිලිකන්, විවිධ රසානය ද්‍රව්‍ය අඩංගු වූ හිස් භාජන සහ විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍රවූ ජලය මේ වන විට කරදගොල්ල සිට පහළට ඇති සියලුම ජල මුලාශ වෙත එක්වෙමින් ඇත.
1. විෂ සහිත ජලය ගලා එන මාර්ගයේ සියළු මසුන්, කුඩා ජීවීන්, කූඩැල්ලන්, බත්කුරන්, පෙද, පාසි, දිය සෙවල සියල්ල මේ වන විට මැරී ගොසිනි.
2. ස්වභාවික ජල ධාරා ගලා යන කොටසේ (උමගේ ජලය මිශ්‍රවීමට පෙර) මසුන්, පෙද, පාසි, කුඩැල්ලන්, දිය සෙවල, හොදින් තිබේ. ස්වභාවික පරිසරය ආරක්ෂාවී ඇත.
3. අලිකොටආර ප්‍රධාන ජල මුලාශ්‍රය වන විසාරි දිය ඇල්ල ට මදක් පහතින් බඹරගස්යාය ගම්මානයේ දී ලංකාවේ පිරිසිදුම දිය දහරාවකට උමග තුළින් එන සිමෙන්ති, ගල්කුඩු, රසායන සහිත ජලය මිශ්‍රවේ. බඹරගස්යාය ගම්මානයේ පහළ කොටසේ මසුන්, ජලජ ශාක, ජලජ සතුන්, ඉස්ගෙඩියන්, කුඩා ජලජ ජීවින් අතුරුදන්ව ඇත. අවම වශයෙන් පෙද, පාසි හෝ නොමැත.
4. ජල දහරාවේ ඉහළ කොටසින් සතුන් ජලය බීම හෝ සිදු නොකරයි. ජලය පානය කළ වදුරන් දෙදෙනෙකු මිය ගිය ස්ථානයක් කරදගොල්ල උමගේ සිට මීටර් 900 ක පමණ දුරින් නිරීක්ෂණය කළෙමු. ජලය පානය කළ බල්ලෙකු නහය බිම උලමින් අපහසුවෙන් දගලන අයුරු අපගේ නිරීක්ෂණයට යොමු විය.
5. බඹරගස්යායට පහලින් ජනතාව සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මෙම ස්ථානයෙනි. අද ඔවුන් දින නෑම, ගේ දොර කටයුතු සදහා හෝ මේ ජලය පරිහයරණය කරන්නේ නැත. විසාරි ඇල්ලට ඉහළ කොටසේ සිට නල යොදා බීමට, නෑමට ජලය ලබාගනී.
6. මෙම ජලය උණුකර නිවා පානය කළ නොහැකි මට්ටමක පවතී. ජලය උණු කරන කේතල්වල් තට්ටුවක් ලෙස කිරි සුදු පැහැයෙන් තට්ටුවක් බැදී ඇත.
7. ඉදිකිරීම් සමාගම විසින් ද, සේවකයින් ද භාවිතයට ගන් දහස් ගණනක් ප්ලාස්ටික්, රබර්, යකඩ, හා ග්ලවුස්, බට කැබලි, සිලිකන් ටියුබ්, වෙනත් රාසායන ද්‍රව්‍ය හිස් බදුන් හා වෙනත් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු ද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇත.
උමා ඔය ව්‍යසනය හේතුවෙන් උමගෙන් පිටතට ගලා එන ජලය නැවැත්වීමට හෝ එම සිදුර වැසීම සදහා යොදා ගන්නා සිමෙන්ති, රසායන ද්‍රව්‍ය ජලයට මිශ්‍රවීම වැලැක්වීමට හෝ තහනම් කිරීමක් ප්‍රයෝගින නොවන බව අප දනිමු. නමුත්, මේ සිමෙන්ති, රසායන ද්‍රව්‍ය, ගල්කුඩු, පෙරා පිරිසිදු ජලය පරිසරයට මුදා හැරීමේ තාවකාලික ප්‍රතිකර්මයක් හෝ අවශ්‍යව ඇත. විශේෂයෙන්ම රසායන ද්‍රව්‍ය පරිසරයට, ජලයට සෘජුව මුදා හැරීම වැලැක්විමට හැකියාව මධ්‍ය පරිසර අධිකාරියට ඇත. ලක්ෂ සංඛාත මසුන්, ජලජ ජීවීන්ට සිදුවන හානිය පිළිබද විමර්ශනයක් සිදු කිරීමට හැකියාවක් පවතී. අවම කොන්දේසි යටතේ හෝ මේ පරිසර විනාශය වැලැක්වීම සදහා යම් මැදිහත්වීමක් සිදු කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවකි.
අනෙක් අතට මෙම ජලයට මුසුවන රසායන ද්‍රව්‍ය මුසු වූ ජලය හේතුවෙන් මිනිසුන්ට, සතුන්ට, ශාක හා වෙනත් ජීවි දැ වෙත ද, සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති විය හැකිය. හැකි ඉක්මනින් මෙම ස්ථාන නිරීක්ෂණය කිරීමට, රසායන ද්‍රව්‍ය ජලයට බැහැර කිරීම වැලැක්වීමට, පරිසර දුෂණය වැලැක්වීම සදහා ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග සදහා ඔබගේ නිලධාරීන් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ - කැෆේ සංවිධානය
විධායක අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
1. ලේකම්තුමා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය - කාරුණික මැදිහත්වීම හා නිසි කටයුතු සදහා කාරුණිකව
2. ඌව පළාත් ප්‍රධාන ලේකම්, බදුල්ල
3. දිසාපති/දිස්ත්‍රික් ලේකම් බදුල්ල
4. දිසාපති/දිස්ත්‍රික් ලේකම් මොණරාගල - විශ සහිත ජලය තැම්පත් වෙමින් ඇත්තේ ද, ගලා යමින් ඇත්තේ ඔබගේ බලප්‍රදේශය හරහා ය. පානීය ජල ප්‍රශ්නය, වගාව සදහා විශ සහිත ජලය එක්වීම ද ඔබගේ කලාපයේ සිදුවන බව කාරුණික දැන ගැනීම සදහා.
5. දිසාපති/දිස්ත්‍රික් ලේකම් හම්බන්තොට - මෙම ජලය මේ වන විටත් ඔබගේ දිස්ත්‍රික්කය දක්වාම පැමිණ ඇති බව අනුමාන කරමි. දැගැපි
6. ප්‍රාදේශීය ලේකම්/වැල්ලවාය - මෙම අර්බුදය විසදීම සදහා ඉක්මන් මැදිහත්වීමක් සිදු කරන ලෙසත් ඉහළ ඌවට සිදු වූ විනාශය පහළ ඌව ජනතාවට සිදුවීම වැලැක්වීම සදහාත් කාරුණික අවධානය යොමු කරනු පිණිස
7. ඌව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ - කරදගොල්ල සිට පහතට ජල මුලාශ පරීක්ෂා කිරීම හා ජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් ලබා දීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරනු පිණිස
8. සුනිල් සිල්වා මහතා - උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ - අපද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, ජලයට මුසුවීම වැලැක්වීම සදහා සුදුසු ඉක්මන් පියවර සදහා
9. උමාඔය සහන කාර්යාලය - දැගැස
COMMENTS