දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !
Homeප්‍රවෘත්ති

මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !

PropellerAds

  වසර 35කට පමණ පෙර මාතර මහාධිකරණයෙහි විභාග කෙරුණු ස්ත්‍රී දූෂණ නඩුවකි. එවකට රජයේ අධිනීතීඥයකු වූ සුහද ගම්ලත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි...

"අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් වික්කේ නැහැ" - මහින්ද
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ
මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !

 

වසර 35කට පමණ පෙර මාතර මහාධිකරණයෙහි විභාග කෙරුණු ස්ත්‍රී දූෂණ නඩුවකි. එවකට රජයේ අධිනීතීඥයකු වූ සුහද ගම්ලත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා වූයේ මහින්ද රාජපක්ෂය. මේ දෙදෙනා එවකට ද මිතුරන් බව සටහන් කර තැබිය යුතුය. 

පැමිණිල්ලේ සාක්ෂි විභාගයට ගැනෙද්දී වින්දිත සාක්ෂිකාරිය තමන් කැලයට දර කැඩීමට ගිය අවස්ථාවේදී අතවරයට ලක් වූ ආකාරය පිළිබඳව සම්පූර්ණ සිද්ධියම පියවරෙන් පියවර ප්‍රකාශ කළාය. අවසානයේ දී සුහද ගම්ලත් රජයේ නීතීඥවරයා ඇගෙන් විමසා තිබුණේ "තමාට මේ අතවරය කරපු පුද්ගලයා අද මෙම අධිකරණය තුළ සිටිනවාද ?" යනුවෙනි. මෙහිදී තරමක් පැකිළුණු කාන්තාව වටපිට බලා, නීතීඥ මහින්ද රාජපක්ෂ දෙස බලනු ද මහින්ද රාජපක්ෂ ඇය දෙස බලා හිඳිනු ද දක්නට ලැබිණි. මොහොතකින් කාන්තාව ප්‍රකාශ කළේ "නෑ, හාමුදුරුවනේ" යනුවෙනි. මෙහිදී මහින්ද රාජපක්ෂට එක්වරම සිනහ ගොස් තිබිණි. 

ඒත් සමඟම නැඟී සිටි මහින්ද රාජපක්ෂ විත්තියේ නීතීඥවරයා "ස්වාමිනී, පැමිණිලිකාරිය මෙතැන සිටි විත්තිකරුව හඳුනාගත්තේ නැහැ. හඳුනාගැනීම ඉතාම වැදගත්. ඒ නිසා මෙය පැමිණිල්ල සම්බන්ධයෙන් විශාල වරදක්. මේකෙන් ම පේනවා මේවා පොලීසිය ගොතපු බොරු චෝදනා බව. මේ නඩුව තව දුරටත් පවත්වාගෙන යාමේ තේරුමක් නැහැ ස්වාමිනී, මේ විත්තිකරු නිදොස්කොට නිදහස් කරන්නැයි මා ඉල්ලා සිටිනවා" යනුවෙන් දේශනයක් පැවැත්වීය. 

පැමිණිල්ල මෙහෙයවූ සුහද ගම්ලත් ඒවන විට සිටියේ කිසිවක් සිතා ගැනීමට අපහසු තත්වයකිනි. එහෙත් මෙහි යම් සැකකටයුතු තැනක් ඇති බවක් ඔහුට හැඟුණි. විනිශ්චයකාරවරයා සුහද ගම්ලත්ගෙන් මහිදන්දගේ ඉල්ලීම පිළිබඳ විමසන විට සුහද ප්‍රකාශ කර තිබුනේ "ස්වාමිනී, මට මේක ගැටළුවක්. මේ ගැන පරීක්ෂා කර බලන්නට මට දින කිහිපයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කර තිබුණු අතර එහිදී මහින්ද උස් හඬින් උසාවිය අමතමින් "තවත් කල් ගන්න දෙයක් මෙතැන නැහැ ස්වාමීනී, විත්තිකරු නිර්දෝශයි, ඔහුව අදම නිදහස් කරන්න" යනුවෙන් ඉල්ලා ඇත. එහෙත් සුහද ගම්ලත් ද මෙම කාන්තාව විත්තිකරුව හඳුනා නොගැනීම ම ප්‍රශ්නයක් හෙයින් තවත් කල් දෙන්නැයි ඉල්ලා සිටි විට මෙය ස්ත්‍රී දූෂණයක්, බරපතළ කාරණයක් බැවින් විනිසුරු විසින් දින කිහිපයකට නඩුව කල් දමන ලදී. 

සුහද ගම්ලත් ඒ වන විට සිටියේ කරකවා අත හැරියා වැනි තත්වයකය. තමන්ව දූෂණය කළ ආකාරය ගැන මෙතෙක් විස්තර කී ගැහැණිය විසින් විත්තිකරුවාව හඳුනා නොගැනීම කොහෙත්ම විය නොහැක්කකි. එහෙයින් ඔහු රජයේ නීතීඥ නිලමැදිරියට වී කම්මුලේ අත ගසාගෙන කල්පනා කරමින් සිටියදී එතැනට පැමිණියේ උසාවියේ රෙජිස්ටාර් වරයාය. "බලනවාකො, මාර වැඩේනෙ මේ නඩුව" කියූ සුහදට, " ආ, අපෙ මහින්ද මහත්තයගෙ නඩුවද ? පොඩ්ඩක් ඉන්නකෝ මං කාව හරි දාලා පොඩ්ඩක් හොයා බලන්නම්" යැයි රෙජිස්ටාර් වරයා පිළිතුරු දී තිබිණි. 

රෙජිස්ටාර්වරයා ටික දිනකින් සුහද ගම්ලත් මුණ ගැසී, තමන් සොයාගත් කරුණු පවසා තිබුණේ මෙසේය. " මං මගේ මිනිහෙක් දාලා වැඩේ හොයාගත්තා සර්. මේ හේන් වල වැඩ කරන ගෑණු නේ. මෙයාලා මහින්ද මහත්තයලගෙ මැදමුලන වලව්වට නිතර යන එන උදවිය. ඒ ගියාම ඔහෙ හාල් පොල් ටිකක් එහෙමත් මෙයාලට හම්බෙනවා, අතට කීයක් හරිත් ලැබෙනවා. මෑත දවසක මහින්ද මහත්තයා මේ ගෑණිට පණිවිඩයක් යවලා වලව්වට ගෙන්නගෙන. වෙනදටත් වඩා වැඩියෙන් හාල් පොල් තුනපහ එහෙමත් දීලා, අතට රුපියල් 500කුත් දීලා. ඊට පස්සෙ ගෑණිට, "උඹට මේ අපරාදෙ කරේ නඩුවට අහුවෙලා ඉන්න එකා නෙවෙයි. උඹට මේක කරේ උක්කුවා. තේරුණාද ? උක්කුවා මහ දාමරිකයා, උඹ දන්නවනෙ. ඌ තමා ඔහොම වැඩ කරන්නෙ. මේ මිනිහා අහිංසකයි. මූව නිකම් හිරේ විලංගුවෙ යවන්න ඕනෙ නෑ. ඒ නිසා උසාවියෙදි මේ මිනිහව අඳුනනවද කියලා උඹෙන් ඇහුවොත් උඹ නෑ කියපං. තේරුණාද ? මේ මිනිහව දන්න වගක් පෙන්නන්න එපා"ය කියලා තියෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ".

ඊළඟ නඩුවාරයත් කැඳවිණි. දූෂණයට ලක් වූ කාන්තාවගෙන් වැඩිදුරටත් මූලික සාක්ෂිය විමසමින් සිටින අතර තුර සුහද ගම්ලත් රජයේ අධිනීතීඥවරයා "තමුන් අවසාන වතාවට විත්තියේ නීතීඥ මහින්ද රාජපක්ෂගේ ගෙදරට ගියේ කවදාද ?"යි ප්‍රශ්න කර ඇත. පැමිණිලිකාරිය නිහඬය. මහින්ද නැඟීසිටිමින් උසාවියේ කටයුතු බාධාවන ලෙසින්ම "මේවා නඩුවට අදාල කරුණු නෙවෙයි ස්වාමිනී" කියමින් කෑගසයි. ඒ මොහොතේ විනිසුරුවරයා, "තමුන් එහෙ ගියාද" යනුවෙන් පැමිණිලිකාරියගෙන් ප්‍රශ්න කර ඇති අතර ඇය හිස වනමින් එය පිළිගෙන ඇත. ඒ මොහොතේ නඩුව කල් තැබූ විනිසුරු, පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥයින් දෙදෙනාට තම විනිසුරු නිලමැදිරියට පැමිණෙන ලෙස කැඳවා ඇත. 

විනිසුරු නිලමැදිරියේදී විනිසුරුවරයා දෙදෙනාගෙන් ම "මේ කතාව ඇත්තදැයි" ප්‍රශ්නය කර තිබේ. එහිදී මහින්ද සද්ද නැතිව සිටියදී සුහද "සීයට සීයක් ඇත්ත"යි කියා සම්පූර්ණ කතාව විනිසුරු හමුවේ හෙළිකර ඇත. විනිසුරුවරයා මහින්දගෙන් මෙය ඇත්තදැයි විමසූ විට මහින්ද කිසිවක් කියාගත නොහැකිව ගොත ගසමින් හිඳ තිබේ. විනිසුරුවරයා දෙදෙනාම කුටියෙන් පිටතට යවා ඇති අතර එළියට පැමිණි වහාම මහින්ද "කැ* වැඩ කරන්න එපා යකෝ. එකට කාලා එකට බීලා මෙහෙමත් වැඩ කරනවාද ? මං මේ ගේමක් ගහලා නඩුව ගොඩ දාගන්න හැදුවා, තෝ ඒකටත් වළ කැපුවානෙ" කියා යන්නට ගොස් ඇත. 

නඩුව යළි කැඳවීමෙන් අනතුරුව වින්දිත කාන්තාව යළි සාක්ෂි ලබා දුන් නමුත් විත්තියේ නීතීඥ මහින්ද රාජපක්ෂ ගෙදර ම ගොස් තිබුණු අතර නඩුව අවසාන වන තුරුත් ඔහු ඊට නම් සහභාගී වී තිබුණේ නැත. 

මේ, මහින්ද එදා නීතියට වෙට්ටු දමා නඩු ගොඩ දාගැනීමට ගිය ආකාරයයි. මහින්ද පසු කලෙක ජනාධිපති ධුරයට පත් වී, බොහෝ මිනීමරුවන්ට හා ස්ත්‍රී දූෂකයින්ට ජනාධිපති සමාව ද ලබා දුන්නේය. මෙහි අනෙත් පැත්ත වන්නේ මෙසේ මහින්දගේ හොර එදා හෙළිදරව් කළ සුහද ගම්ලත් ම පසුකලෙක රාජපක්ෂ රෙජීමයේ හොඳම සුරතලෙකු වීමයි. එවකට අධිකරණ අමාත්‍යාංශයෙහි ලේකම් ධුරය දරමින් මහින්දට සහ ගෝටාට අවශ්‍ය පරිදි වැඩ කටයුතු කර දුන්නේ ද මේ සුහද ගම්ලත්මය. 

සුහද ගම්ලත්ව නීතිපති කරවීම සඳහා වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දිවා රෑ නොබලා අතිකාල සේවයේ පවා නිරත වූ මුත් සුහදට නීතිපති ධුරය හිමිවූයේ නැත. එසේ වුව ද 'සුහද' යනු වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම සුහද පුද්ගලයෙකි. සුහදට වැඩ වැරදුණේ ද මෙසේ හැමෝම සමඟ සුහදව හැමෝටම උදව් කිරීමට ගිය නිසාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !
මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !
http://ift.tt/2vW6Jkb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_515.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_515.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy