ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන් තාවකාලිකව ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. ...
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන් තාවකාලිකව ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එසේ වුවද, තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන බව මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ(18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය පළ කළේය.
මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මහත්වරුන් හමුවි පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
අජිත් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා සමග ජනාධිපතිවරයාගේ නිවසට ගොස් තිබේ.
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.
දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් පසුවන බව ද අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
COMMENTS