කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසූ ආකාරයට ඉන්දියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර නැනෝ නයිට්‍රිජන් පොහොර රාජ්‍යතාන්ත්...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසූ ආකාරයට ඉන්දියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර නැනෝ නයිට්‍රිජන් පොහොර රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් ඔස්සේ අඩුමිලට මෙරටට ගෙන්වීමට හැකියාවක් නොමැති බවත් එම පොහොර මෙරටට ගෙන්විය හැක්කේ තම සමාගම හරහා පමණක්ම බවත් ඉන්දීය ඉෆ්කෝ සමාගමේ දේශීය නියෝජිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා මහතා අවධාරණය කරයි.
ප්‍රශ්නය - අමාත්‍යවරයා කියනවා ඉන්දියානු සමාගමත් එක්ක කතාකරලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේක ගෙන්වන්න කටයුතු කරනවා කියලා ?
"නෑ, එහෙම කරන්න බෑ. මොකද ඒගොල්ලොත් එක්ක අපට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා අවුරුදු පහකට අපෙන් පිට විකුණන්න බෑ. ඒක ඉතිං ඇමතිතුමා ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නෙ. පව්. ඒ කියන්නෙ මහින්දානන්ද ඇමතිතුමාට තියෙන ස්ට්‍රෙස් එක මං දැකලා නෑ කිසිම ඇමතිකෙනෙක්ට තියෙනවා. ඉතිං එතුමා කියන දේවල් ගැන අපි ගණං ගන්න බෑ, මොකද එතුමාට එච්චර ප්‍රෙෂර් එකක් තියෙන්නෙ"
ප්‍රශ්නය - රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කතාකරලා අඩුවට ගන්න හැකියාවක් නෑ කියලාද ඔබ කියන්නෙ ?
"මගේ ඇග්‍රීමන්ට්ස් අනුව එහෙම කරන්න බෑ ඇමතිතුමා නෙවෙයි කාටවත්. අපේ ඇග්‍රීමන්ට් තියෙනතාක්කල් කරන්න බෑ. හැබැයි ඇමතිතුමාට මගෙන් ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලලා මම අඩුකරලා දීලා තියෙනවා. ඒ කියන්නෙ මේ රොබින්හුඩ්, ටාසන්, සරදියෙල් වගේ වැඩ කරනවා නම් ඔය දැක්කානෙ බැංකුවට වෙච්ච වැඩේ. අපටත් බැංකු ටික බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්. මට ලොකූ ඔෆර් එක්කුත් ආවා ස'ව ෆේල් කරන්න මේ බඩු ටික ගේන්න එපා කියලා. මං බිලියන තිහක් ඉතුරු කරලා දීලා තියෙන වෙලාවේ මේ ඩොලර් එකක් දෙකක් ගැන දඟළනවා"
මොහාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නැනෝ නයිට්‍රිජන් පොහොර ගෙන්වීමෙන් තමන්ට අතිවිශාල ලාභයක් ලැබෙන බවට වන චෝදනාව එම මාධ්‍ය හමුවේදී ප්‍රතික්ෂේප කළ ඒ මහතා එම පොහොර සඳහා මිල සූත්‍රයක් ද ඉදිරිපත් කළේය.
COMMENTS