නැගෙනහිර පළාතේ ඇතැම් මාර්ග සඳහා අරාබි භාෂාවෙන් යොදා ඇති නාම පුවරු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ජාතික භාෂාවන්ට අමතරව වෙනත් භාෂාවලි...
නැගෙනහිර පළාතේ ඇතැම් මාර්ග සඳහා අරාබි භාෂාවෙන් යොදා ඇති නාම පුවරු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ජාතික භාෂාවන්ට අමතරව වෙනත් භාෂාවලින් මාර්ග වල නම් යොදා තිබේ නම් ඒවා ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවධානය මෙසේ යොමු ඇත.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව පනතක් මගින් එම නම් ඉවත් කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියා සිටී.
ශ්‍රී ලංකා ආණ්ඩු අවස්ථාව අනුව මහජනයාට නාමපුවරුවක් ප්‍රදර්ශනය කරන්නේ නම් සිංහල හා දෙමළ භාෂාවන් ට ප්‍රධාන තැනක් ලබාදිය යුතු අතර ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් නිසා තෙවැනි තැන ලබා දිය යුතුව තිබේ.
COMMENTS