ජනාධිපති කාර්යාලය යටතේ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරණ ආයතනය මඟින් ක්‍රියාත්මක කරන වස විස නැති රටක් ජාතික වැඩසටහනට අනුරූපව සිදු කළ ග්ලයිෆොස...
ජනාධිපති කාර්යාලය යටතේ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරණ ආයතනය මඟින් ක්‍රියාත්මක කරන වස විස නැති රටක් ජාතික වැඩසටහනට අනුරූපව සිදු කළ ග්ලයිෆොසේට් තහනම නිසා තේ කර්මාන්තයේ මතු වී ඇති තත්ත්වය සහ එයට විසඳුම් යෝජනා කිරීමේ විද්වත් සාකච්ඡාවක් හෙට (27) පෙරවරු 10.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
ග්ලයිෆොසේට් තහනම ඉවත් කර එය නැවත ආනයනය කිරීම සලකා බැලීම සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටු සාමාජිකයින්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන් මේ සඳහා එක්වීමට නියමිතය.
ජනාධිපති ජේෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමි, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පීලනි දිගම්බරන් යන අය මේ සාකච්ඡාවේ මුලසුන් ගැනීමට නියමිත බව පැවසේ.
වෛද්‍ය චන්න ජයසුමන, ආචාර්ය රනිල් සේනානායක, අශෝක අභයගුණවර්ධන, විජේරත්න සකලසූරිය, ආචාර්ය පියසේන අභයගුණවර්ධන හා මාලා අමරසිංහ යන මහත්ම මහත්මී හුද මෙම විද්වත් සාකච්ඡාවට එක්වෙති.
COMMENTS