2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු මස 28 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. 2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙ...
2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු මස 28 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටු වීමට තීරණය කර තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
නවීන තාක්ෂණික උපකරණ භාවිත කර විභාග නීති රීති උල්ලංඝනය ඇතුළු තවත් විභාග අක්‍රමිකතා කිහිපයක් පසුගිය කාලයේ දී වාර්තා විය.
ඒ අනුව විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් දී ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798ක් අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධීන් බවයි.
ඒ පිළිබඳ මූලික විමර්ශනවලින් 1,829 දෙනෙකු නිදහස් වී ඇති අතර ඉතිරි 969 දෙනාගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ) ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙසට ලබා දී ඇති උපදෙස් අනුව මෙම ප්‍රතිඵල නිකුත් කරනු ඇත.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දින ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දින ද , අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දින ද නිකුත් කෙරෙනු ඇත.
COMMENTS