උ පවාස කර තර්ජන ගර්ජන මගින් රටේ තීන්දු තීරණ ගැනීමටත් එමගින් සුළු ජාතිකයින් මර්දනය කිරීමටත් උත්සාහ ගන්නේ නම් තම පක්ෂය ද මුස්ලිම් මන්ත්‍රීවරු...
උපවාස කර තර්ජන ගර්ජන මගින් රටේ තීන්දු තීරණ ගැනීමටත් එමගින් සුළු ජාතිකයින් මර්දනය කිරීමටත් උත්සාහ ගන්නේ නම් තම පක්ෂය ද මුස්ලිම් මන්ත්‍රීවරුන්ට සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. භික්ෂූන් වහන්සේලාගෙන් මුස්ලිම් ජනතාවට එල්ල වන බලපෑම් හේතුවෙන් දෙමළ ජනතාවද මුස්ලිම් ජනතාව සමඟ අත්වැල් බැඳ ගැනීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පවසයි.
භික්ෂූන් වහන්සේලාට උපවාස මගින් රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගැනීමට හැකිනම් පාර්ලිමේන්තුවක් රටට අනවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.
එවන් කටයුතු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් නොගැලපෙන බවත් උපවාස මගින් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉවත් කිරීමෙන් සුළු පිරිසට අවශ්‍ය පරිදි රට ක්‍රියාත්මක වන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

COMMENTS