දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

77 පෙරළියට 40යි ප්‍රදර්ශනය හා සැණකෙළිය මහරගම දී අද සිට.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් “77 පෙරළියට 40 යි විශේෂ ප්‍රදර්ශනය හා සැනකෙළිය මහරගම ජාතික ...


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් “77 පෙරළියට 40 යි විශේෂ ප්‍රදර්ශනය හා සැනකෙළිය මහරගම ජාතික තරුණ සේවා සභාවේදි අද (27) සවස 4 ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

 දින හතරක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය 28, 29, 30 දිනයන්හි උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවත් 2017 වසරේ සිට ඉදිරි වසර 40 ක රටේ සංවර්ධන දැක්ම පෙන්වන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (26) ප්‍රකාශ කෙළේය.

1977 වසරේ විවෘත ආර්ථිකය ආරම්භ කිරීමේ ඉතිහාසය සහ 2017 වසරේ සිට වසර 40 ක් ඉදිරියේදි සිදු කරන සංවර්ධන ක්‍රියාදාමය මේ ප්‍රදර්ශනයට ඇතුළත් වන බවත් පාසල් දරුවන් ඇතුළු මෙරට තරුණ ජනගහනයට වඩාත් ප්‍රයෝනවත් වන ආකාරයෙන් ප්‍රදර්ශනය පවත්වන අතර ප්‍රදර්ශනය නැරඹීමට සියලු මහජනතාවට විවෘත ආරාධනාවක් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

1977 වසරේදි විවෘත ආර්ථිකය මෙරටට හදුන්වාදෙමින් එජාප ආණ්ඩුව මෙරට ආර්ථිකයේ විශාල විප්ලවයක් සිදු කළා මෙන්ම මේ ප්‍රදර්ශනය මගින් එම ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය කරමින් සමාජ වෙළෙදපොළක් මෙරටට හදුන්වාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

අමාත්‍යාංශ කිහිපයක අනුග්‍රහය යටතේ පවත්වන මේ ප්‍රදර්ශනයට සංගීත සංදර්ශනයන් ද ඇතුළත්ය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 77 දි ඇති කළ මේ විවෘත ආර්ථික විප්ලවය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල දියුණුවට සමගාමීව විශාල දියුණුවක් අත්පත් කර ගෙන ඇති බවත් එම විප්ලවයෙහි යහපත් ප්‍රතිඵල මෙරට ජනතාව වර්තමානයේදි භුක්ති විඳිමින් සිටින බවත් ඇමැතිවරයා අවාධාරණය කළේය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28640,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 77 පෙරළියට 40යි ප්‍රදර්ශනය හා සැණකෙළිය මහරගම දී අද සිට.
77 පෙරළියට 40යි ප්‍රදර්ශනය හා සැණකෙළිය මහරගම දී අද සිට.
http://ift.tt/2u0VeW4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/77-40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/77-40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy