දෙවැනි දිනයට අද තරගය ආරම්භ වනවිට ඉන්දියානුවන් කඩුලු 3 කට ලකුණු 399 ක් ලබාගෙන සිටියේය. ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටියේ චේටේෂ්වර් පුජාරා (144) ...
දෙවැනි දිනයට අද තරගය ආරම්භ වනවිට ඉන්දියානුවන් කඩුලු 3 කට ලකුණු 399 ක් ලබාගෙන සිටියේය. ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටියේ චේටේෂ්වර් පුජාරා (144) සහ අජින්ක්යා රහනේ (39) ය.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස පුජාරා ලකුණු 153 කට දැවීගිය අතර රහනේට ලබාගත හැකි වූයේ ලකුණු 57 ක් පමණි. අශ්වින් ලකුණු 47 ක් ලබාගත් අතර මෙම තරගයේදී ටෙස්ට් වරම් ලබාගත් හර්දික් පාන්ඩ්‍යා අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 50 සම්පූර්ණ කරගෙන සිටියේය. තරගයේ අවසන්භාගයේදි වේගවත් පිතිහරඹයක නිරත වූ මොහමඩ් සමී පන්දු 30 කදී ලකුණු 30 ක් ලබා ගනිමින් ඉන්දියානු ඉනිම ඉහළ දැමීමට සමත් විය.
කලකට පසු ශ්‍රී ලංකා වේගපන්දු යවන්න් දැක්වූ දක්ෂතා කැපීපෙනුනු අතර නුවන් ප්‍රදීප් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 132 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. එය ඔහුගේ පළමු ඉනිමක කඩුලු 5 ක් දවාගැනීමයි. ලහිරු කුමාර කඩුලු 3 ක් දවාගත් අතර අංක එකේ ශ්‍රී ලංකා පන්දු යවන්නා වන රංගන හේරත්ට ලකුණු 159 ක් ලබාදෙමින් දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම ආරම්භ කර තිබේ.
COMMENTS