කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව නිසා එජාප නායකත්වය පිළිබඳ පාක්ෂිකයන් කලකිරීමට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්ත...
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව නිසා එජාප නායකත්වය පිළිබඳ පාක්ෂිකයන් කලකිරීමට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
එජාපය පමණක් නොව ශ්‍රීලනිපයේ මෛත්‍රිපාල හා මහින්ද පිලද විවිධ වංචා දූෂණ චෝදනාවලට ලක්වී ඇතැයි පෙන්වා දුන් හෙතෙම අනෙක් පක්ෂවල ලැයිස්තුවල පාතාලයට සම්බන්ධ පුද්ගලයන්, දූෂිතයන්ගේ නම් ඇතුළත් වී තිබෙන බවත් නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අපි ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත්, එම අවස්ථාවේදී තේරීම් භාර නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබූ බවත් කියා සිටියේය.
පසුගියදා ජවිපෙ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මෙසේද කීය.
“පොහොට්ටුවේ ජී.එල්.ලා කියනවා රට බෙදනවාට එරෙහිව ඡන්දේ දෙන්නලු. ජී.එල්. පීරිස් කියන්නේ කවුද? චන්ද්‍රිකාගේ ආණ්ඩුව රට බෙදන 'පැකේජ්' එක ගෙනාපු වෙලාවේ ඒක කරතියන් රට වටේ දිව්ව 'පැකේජ් පප්පා'. 'ඔස්ලෝ' ගිහින් එරික් සෝල්හයිම්ලා එක්ක රට බෙදන්න සාකච්ඡා කරපු ජී.එල්. අද කියනවා රට බෙදනවාට විරුද්ධලු. දූෂිතයෝ, හොරු පිරිසක් එකතු කරගෙන පක්ෂයක් හදා ගත්ත පැකේජ් පප්පා දැන් දේශප්‍රේමියෙක් වෙලා. මේ ඊනියා දේශප්‍රේමීන්ගේ රට රවටන බොරු ජනතාව තේරුම් ගන්න ඕනෑ.
චෝදනාවලින් තොර සමාජ විරෝධී ක්‍රියාවලියට හවුල් නොවූ පිරිසුදු අපේක්ෂකයන් පිරිසක් අපිට ඉදිරිපත් කරන්න හැකිවෙලා තිබෙනවා. අනෙක් පක්ෂවල ලැයිස්තු දිහා බැලුවාම පාතාලයට සම්බන්ධ පුද්ගලයන්, දූෂිතයන්ගේ නම් ඇතුළත් වී තිබෙනවා. නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අපි ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් එම අවස්ථාවේදී තේරීම් භාර නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. නාම යෝජනා ලැයිස්තු දිහා බැලුවාම බුද්ධිමත් ජනතාවට වෙනස තේරුම් ගන්න පුළුවන්.
ඒ වගේම අනෙක් පක්ෂවලින් මැතිවරණ නීතියට පටහැනිව අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙනවා. පළාත් පාලන පනතේ සංශෝධන අනුව ක්‍ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වෙනවා නම් එම සභා බල ප්‍රදේශය තුළ සේවයෙන් වසරකට පෙර ඉවත් විය යුතුව තිබෙනවා. එසේ තිබියදී ඇතැම් ලැයිස්තුවලට එවැනි පුද්ගලයන් ඇතුළත් කර තිබෙනාව. අපි ජනතාවගෙන් ඉල්ලනවා එවැනි නීති විරෝධී අපේක්ෂකයන්ට ඡන්දය ලබාදී තමන්ගේ ඡන්දය අපතේ යවන්න එපා කියලා.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS