මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී පොහොට්ටු පක්ෂය සෑදුවෙ සිය පුත් නාමල් රාජපක්ෂ රජකරවීමට පාරකැපීමට බවත් රාජපක්ෂ පවුල ගොඬන...
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී පොහොට්ටු පක්ෂය සෑදුවෙ සිය පුත් නාමල් රාජපක්ෂ රජකරවීමට පාරකැපීමට බවත් රාජපක්ෂ පවුල ගොඬනැඟීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ්‍ය පමණක් නොව රට වුවද පාවා දිය හැකි අයෙකු බව මේ වන විටත් රටට ඔප්පු වී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධණ අමාත්‍ය සාලග රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැත්වූ ජනහමුවකට එක් වෙමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේද කීය.
“රාජපක්ෂ යුගයේ නම් වැඩ කලේම පවුලේ අයට . ජනතාව වෙනුවෙන් වැඩ කලේම නෑ . හැම වෙලාවෙම ගොඩනගන්න හැදුවේ පවුල .ඒ අයට අද තවම ඒ ගතිය අත ඇර ගන්න බැරි වෙලා .
මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව පක්ෂ හැදුවෙ මොකටද ?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු රාජපක්ෂ මහත්තයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දීලා පොහොට්ටුව පක්ෂය හැදුවේ තමන්ගේ පුතාව රජකරවන්න පාර කපන්න මිසෙක වෙන දේකට නෙවෙයි. හැබැයි ඒ පොහොට්ටුව පිපෙන්නේ නම්නෑ.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනාධිපති වෙලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය අරගෙන පක්ෂය ගොඩ නඟන්න කටයුතු කරගෙන යද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටු පක්ෂය හැදුවේ පවුල ගොඩදාන ගතිය අතඇරගන්න බැරුවයි. පක්ෂය විතරක් නෙවෙයි රට පාවාදීලා හරි රාජපක්ෂ මහත්තයා පවුලේ අය ගොඩනඟනවා කියනදේ දැන් රටට ඔප්පු වෙලා ඉවරයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා යුදදෙ දිනුව කියලා එතුමට ආදරය කරපු මිනිස්සු මේ පොහොට්ටුව නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාව අතඇරලා එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රීලනිපයටත් එකතු වෙලා වැඩකරනවා.
මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා අපි තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩකරන්න පටන් අරන් තියෙනවා. අපි කොංක්‍රීට් වක්කරන එකටවත්,පාරවල් කාපට් කරන එකටවත් විතරක් සංවර්ධනය කියලා කියන්නේ නෑ. අපි තමුන්නාන්සේලාගේ ආර්ථිකයත් ශක්තිමත් කරනවා.
සංවර්ධනය කියන එක අපි තමුන්නාන්සේලාට ගෙනත් දෙන්නෙපිළිවෙලකට .ඒක ස්ථිරසාර සංවර්ධනයක්. මම ඊයේ බෙවරලිය ගියා .මේ අයට බෙවරලිය මතක ද ? දෙනියාය නගරය පහු වෙද්දිපාර සංවර්ධනය කරගෙන යනව පේනවා .මහා පස් කඳු කඩා වැටෙන තැන්වල කොන්ක්‍රීට් දාලපිළිවෙලකට කොන්ක්‍රීට් බැමි හදලා හරියාකාරව ඒ වැඩේ කරනවා .ඒ අපේ ආන්ඩුවේ වැඩක් .
ඒක පහුවෙලා ටික දුරක් යනකොට එනසාල් වත්ත පාරට හැරුණු ගමමකාපට් පාරක් හම්බෙනවා .මහ වරුසාව වහින කොටකාපට් පාර උඩින්වතුර යනවා . හරියට කනුවක් වත් හදලා නෑ . ඒ තමයිමහින්ද රාජපක්ෂ මහත්තයාඡන්දෙ දිනාගන්නදවස් දෙකෙන් හදපු පාර. කිසිම ප්‍රමිතියක් නෑ .අද වෙද්දි කාපට් එක කැඩිලාපාර හොඳටම අබලන් වෙලා . ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා දීපු තෑග්ගක් .ඔබතුමාලා වෙනුවෙන් රාජපක්ෂ මහත්තයගෙ තෑග්ග තමයි ඒ.
එක පහු කරගෙන ටික දුරක් යනකොට මහා කන්දක් උඩට හොඳට කොන්ක්‍රීට් දාපු පාරක් තියෙනවා .මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ පාර හැදුවෙ මස්සිනා වෙනුවෙන් .ජනතාව වෙනුවෙන් හදපු පාර කැඩිලා. මස්සිනා වෙනුවෙන් හදපු පාර හොඳට තියෙනවා.
එක පහු කරගෙන තව ටිකක් ඉස්සරහට යද්දිඅලුත් පාලම් හදල, කොන්ක්‍රීට් දාල ,පාර ආයෙත් හොඳට හදාගෙන යනවා .ඒ අපේ ආණ්ඩුවේ වැඩ.
තමුන්නාන්සේලාට ලැබෙන සංවර්ධනයඅපේ සාක්කුවට දා ගන්නේ නැතුව අපි තමුන්නාන්සේලාට ගෙනත් දෙනවා .අපි පවුලේ අයට වැඩ කරන්නේ නෑ .“ යැයි අමාත්‍යවරයා කීය.

COMMENTS