දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.
Homeගොසිප්

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.

PropellerAds

සම්මුතිවාදී ආණ්ඩුවෙන් අද (01දා) සිට ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ගෙන තිබූ තීරණය හකුළා ගෙන ඇති අතර, පළාත් පාලන මැතිවරණය ...

පළමු දවසේම දුමින්ද වැලිකඩ යාලුවො එක්ක ක්‍රිකට් ගහලා
ඊයේ මරණ දඩුවම නියමවූ නමුත් මිසින්වූ ප‍්‍රියන්ත ජානකට මොකද වූනේ?
දුමින්ද කෙලින්ම වැලිකඩ ලොක්ක හම්බවෙන්න ගිහින්

සම්මුතිවාදී ආණ්ඩුවෙන් අද (01දා) සිට ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ගෙන තිබූ තීරණය හකුළා ගෙන ඇති අතර, පළාත් පාලන මැතිවරණය දෙස බලා ඉදිරි තීරණ ගැනීමට ඔවුන් එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟතාවට පැමිණි ගිවිසුම ඊයේ (31දා) දිනයෙන් අවසන් විය.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර තුන තුළද පවත්වාගෙන යෑමේ වැදගත්කම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් පෙන්වා දී ඇති අතර, ඒ වෙනුවෙන්ද මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ග සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පවත්වා ඇති අතර, මැතිවරණයට බලපෑම් කිරීමට විධායක ජනාධිපති ධුරයට හැකි බවද සාකච්ඡා වූ බව ජනාධිපතිවරයාට සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩු පෙරළියක් සිදුනොවන බවත්, එබැවින් පළාත් පාලන මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩු පෙරළියක් ගැන කතා නොකරන ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම කිසියම් අවස්ථාවකදී ආණ්ඩු පෙරළියක් සිදුවුව හොත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තිබෙන බවටත්, ඒ සඳහා සහාය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ද සිටින බවටත් අග්‍රාමත්‍යවරයා විසින් පසුපෙළ මන්ත්‍රීවරුන්ට සහතිකයක්ද ලබාදී ඇතැයිද වාර්තා වේ.

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි. 

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව රැස්ව තීරණය කළ යුතු බවත්, මෙතෙක් එවැන්නක් සිදුනොවූ බවත්ය.  පළාත් පාලන මැතිවරණයෙන් පසුව බොහෝ දුරට එය සිදුවීමට ඉඩ ඇතැයිද අමාත්‍යවරයා පවසා සිටියේය.

(ada.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.
http://ift.tt/2CkQ9Rq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy