ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් පෞද්ග...
ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
විදේශ වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පැවැත්වෙන විභාගය වැනි විභාගයක්වත් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නොපවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනාව පිළිබඳව කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ වෛද්‍ය සභාවේ නිතිය අනුව එවන් විභාගයක් සඳහා පෙනී සිටිය යුත්තේ විදේශයක අධ්‍යාපනය ලැබුවන් පමණක් බවයි. අවශ්‍යනම් සිසුන් එවනි විභාගයකට ද පෙනීසිටීමට සුදානම් බව ඔහු පැවසීය.
යම් හෙයකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීන්දුවට එරෙහිව වැඩ වර්ජනයක් කැඳවුවහොත් ඊට මුහුණ දීමට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි විමසු විට, අධිකරණය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ අධිකරණයට අපහාස කිරීම වසර දෙකක සිර දඬුවමක් හිමිවන බරපතල වරදක් බව ද පෙන්වා දෙමිනි.
‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. අපිත් එක්ක එදා 80 දශකයේ දී වේදිකාවේ කථා කරපු මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා තිබෙන්නේත් මේකට සහයෝගය දෙමු කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතයත් ඒකයි. ඔය වෛද්‍ය සංගමය ඇතුළු කට්ටිය ඇයි 2011 ඉඳන් මේකට විරුද්ධ වුණේ නැත්තේ. මේකද පළවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කොතලාවල එකක් හැදුවා මුලින්ම. ඒ ළමයිට රජයේ රෝහල් දුන්නා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව හැදෑරුවොත් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවානම් විරුද්ධ වෙන්න තිබුණේ එදා. මේක යටතේ තිබෙන්නේ දේශපාලන අරමුණක්. නිදහස් අධ්‍යාපනයේ තිබෙන පළවැනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස.‘ යැයි වැඩිදුරටත් අදහස් දැක්වීය.
සම්පූර්ණ වීඩියෝව පහතින්
COMMENTS