දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති වෙනුවෙන් සුලං කිරිල්ලී පෙරට.. ඇමති රුවන්ට දැඩි විවේචන
Homeප්‍රවෘත්ති

ජනපති වෙනුවෙන් සුලං කිරිල්ලී පෙරට.. ඇමති රුවන්ට දැඩි විවේචන

PropellerAds

රූ පවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා...

ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා
රාජ්‍ය මුදල් කෝටි 70ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට - සිංහල භාෂාව දෙවන තැනට !
රූපවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවට පසුගිය ජනවාරි මාසයේ සිට මහා භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් ලැබී නැතැයි කී සභාපතිනිය මේ වන විට එහි සේවක පඩි නඩි ගෙවීම ඇතුළු සියලූ පාලන කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ ලබන ආදායම්වලින් බවද සඳහන් කළාය.

රජයේ සංස්ථාවක් වන තම ආයතනය පවත්වාගෙනයාමට භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලැබිය යුතු බවද ඇය ප‍්‍රකාශ කළාය.

ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන කැලූම් පාලිත මහීරත්න නැමති අය රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කියා පැමිණියත් ඔහුගේ පත්වීම පිළිගැනීමට නොහැකි නිසා තමන් සභාපතිධූරයේ දිගටම කටයුතු කළ බව ද ඇය කීවාය.

නව සභාපතිවරයා බව කියමින් කැලූම් පාලිත මහීරත්න මහතා පසුගිය දිනෙක සංස්ථාවට පැමිණි අවස්ථාවේ තමන් ජනාධිපතිවරයාගෙන්, පත්වීම අනුමත කළ යුතු ජනාධිපතිවරයාගේ කමිටුවේ සාමාජිකයකුගෙන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වයාගෙන් ඒ ගැන විමසූ බව කී සභාපතිනිය ඔවුන් එවැනි පත්වීමක් නොකළ බව පැවසුවේ යැයි ද ප‍්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය මේ බව පැවසුවේ එම සංස්ථා පරිශ‍්‍රයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික රූපවාහිනිය කෙරෙහි ප්‍රේක්‍ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු එහි කාර්ය මණ්ඩලය වැඩසටහන් 32ක් සැලසුම් කළ බව කී සභාපතිනිය ඉන් 15ක් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, එම වැඩසටහන් වෙත ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන බවත් කියා සිටියාය.

රටවල් 26ක් සමඟ තරඟ කර ආසියාවේ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති අංශයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන 7ක් සහ ජාතික මට්ටමේ සම්මාන 21ක් ගතවූ වසරක කාලයේදී ජාතික රූපවාහිනී සේවයට හිමිව තිබෙන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

ජාතික රූපවාහිනී සේවය යම් ප‍්‍රගතියක් ලබමින් තිබියදී නව සභාපතිවරයෙකු පත්කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මතුවීමට ගිය අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කළ යුතු බවද ඇය කීවාය.

ජනාධිපතිවරයා අභියෝගය භාර ගනිමින් රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා නොගත්තේ නම් සංස්ථාවේ පරිපාලන කටයුතු කඩාකප්පල්වීමට තිබූ බව ද ඇය කීවාය.

තමන්ට රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට අවශ්‍ය සුදුසුකම් නොමැති බවට ඇතැමුන් චෝදනා කළත් තමන් මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා බවත්, ඒ සඳහා අවශ්‍ය කමිටු අනුමැතිය ද තමාට හිමිවූ බවත් සභාපතිනිය පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති වෙනුවෙන් සුලං කිරිල්ලී පෙරට.. ඇමති රුවන්ට දැඩි විවේචන
ජනපති වෙනුවෙන් සුලං කිරිල්ලී පෙරට.. ඇමති රුවන්ට දැඩි විවේචන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPyDvtN4ZPy2gG_S3dO_AQBmxeq5kiwNtMopGfuvCweICIOoK1bH9YAjHg6kqIKEidHNGj9g3_NAizwYIAIbVuGlsEIKVG4hoG9t86viU6PE0PV8WLYZmQWO8m_LYU2SrhZprzZi4pCThg/s320/4544.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPyDvtN4ZPy2gG_S3dO_AQBmxeq5kiwNtMopGfuvCweICIOoK1bH9YAjHg6kqIKEidHNGj9g3_NAizwYIAIbVuGlsEIKVG4hoG9t86viU6PE0PV8WLYZmQWO8m_LYU2SrhZprzZi4pCThg/s72-c/4544.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_666.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_666.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy