රජයේ ප‍්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප‍්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප...
රජයේ ප‍්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප‍්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ ප‍්‍රසම්පාදන කමිටුවට බලපාන ගැටලු සම්බන්ධයෙන් හා ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය කාර්යක්ෂමව සිදුකරගෙන යාම සඳහා නව ක‍්‍රියාවලියක ඇති අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදි අවධානය යොමුවිය.
පසුගිය හා නව රජය යටතේ ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය පිළිබඳව හා සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග, ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති බී.එන්.අයි.එෆ්.ඒ වික‍්‍රමසූරිය මහතා ඇතුළු නිලධාරීන් එක්වූහ.
COMMENTS