මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ එජනිස පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා විසින්. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඒ. අයූබ් මහතා යොජනාව ස්ථිර කර...
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ එජනිස පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා විසින්. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඒ. අයූබ් මහතා යොජනාව ස්ථිර කර ඇති අතර පක්ෂ-විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් යෝජනාවට සහාය පළකර තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කරමින් පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ විල්පත්තුව ඈඳා ගනිමින් විවිධ කොටස් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. මෙම නැවත පදිංචි කිරීම් සිදුකරන්නේ වසර 22 කට පෙර අදාල ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන් බවත් වසර 22 ක් තුළ එම ඉඩම් කැලෑවෙන් වැසීගොස් තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි. මේ රටේ කුමන ජාතියකට අයත් පුද්ගලයෙකුට හෝ තමන්ට අයත් ඉඩම්වල පදිංචිවීමට අයිතියක් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මෙම ගැටලුව හරහා විල්පත්තුව තවත් බේරුවල වැනි ඛේදවාචකයක් කිරීමට ඉඩ නොදිය යුතු බවයි.
COMMENTS