ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ වනවිට ආසන 649 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා බහුතර බලය සඳහා අවශ්‍ය ආසන ප්‍රමාණය 32...
ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ වනවිට ආසන 649 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා බහුතර බලය සඳහා අවශ්‍ය ආසන ප්‍රමාණය 326 කි. ඉන් 318 ක් දිනාගැනීමට තෙරේසා මේ නායකත්වය දෙන කන්සර්වේටිව් පක්ෂය සමත් වී ඇති අතර ජෙරමි කෝබින්ගේ ලේබර් පක්ෂයට හිමිව තිබෙන ආසන සංඛ්‍යාව 261 කි. කෙසේ වෙතත් ප්‍රතිඵලවලින් අඩක් ප්‍රකාශයට පත්වන තුරුම ඉදිරියෙන් සිටියේ ලේබර් පක්ෂයයි.
පසුගිය මැතිවරණය සාපේක්ෂව කන්සර්වේටිව් පක්ෂයට ආසන 12 ක් අහිමිව තිබෙන අතර ලේබර් පක්ෂය ආසන 29 කින් සිය ආසන මල්ල වැඩිකරගෙන තිබෙනවා.
පසුගිය වර ස්කොට්ලන්තයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටි ස්කොට්ලන්ත ජාතික පක්ෂය බරපතල කඩාවැටීමකට ලක්වීමයි. පසුගිය පාර්ලිමේන්තුවේ ආසන 56 ක් හිමිකර ගෙන සිටි එම පක්ෂ්‍ය මෙවර ආසන 21 ක් අහිමි කරගෙන තිබෙනවා.
තෙරේසා මේ නැවත ආණ්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් සිටින අතර ඇයට ඒ සඳහා ඩිමොක්‍රටික් යුනිනිස්ට් පක්ෂය සහයෝගය දක්වනු ඇති බවට මත පළවේ. එම පක්ෂය ආසන 10 ක් දිනාගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ඔවුන්ගේ සහාය ප්‍රමාණවත් වේ.
COMMENTS