ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දිනෙක මහරගම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ න...
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දිනෙක මහරගම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ නම ඈඳා තිබීම හේතුවෙනි. බොදුබල සේනාව සමග හෝ එහි ක්‍රියාකාරීත්වයන් සමග හෝ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඇතැම් පුද්ගලයන් අසත්‍ය චෝදනා එල්ල කරමින් තමාගේ කීර්තිනාමයට හානි සිදුකිරීමට උත්සාහ කරන බව ද රාජපක්ෂ මහතා පවසයි.
එකම රටක එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව උසිගැන්වීමට කිසිවිටෙකත් කටයතු නොකරන බවයි ඔහු අවධාරණය කරන්නේ. ජාතීන් අතර ගැටුම් ඇතිකරන මෙම අවස්ථාවාදය පරාජය කළයුතු බව ද ඔහු පවසයි.
මේ අතර පොලිස්පතිවරයා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සමග පවසා ඇත්තේ බොදුබල සේනාවට සහ ඥානසාර හිමියන්ට ආරක්ෂාව ලබාදෙමින් ඔහු සඟවාගෙන සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා බවයි.
COMMENTS