ප්‍රකට ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින...
ප්‍රකට ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබෙන බවද වාර්තාවේ.
හිටපු නයිජිරියාවේ තානාපතිවරයා වන ඒ.එස්.පී. ලියනගේ මහතාට අදාළ තනතුරේ නව පත්වීම ජනාධිපතිවරයා විසින් ලඟදීම ප්‍රදානය කිරීමට නියමිත බව වාර්තාවේ.
විවිධ තනතුරු ගණනාවක් සදහා ඒ මහතාගේ නම යෝජනා වී තිබූ අතර, අවසානයේ කටාර් හි නව තානාපතිවරයා වශයෙන් ඔහුව පත්කිරීමට තීරණය කර ඇත.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් පීකොක් මන්දිරය සම්බන්ධයෙන් පසුගිය සමයේ බොහෝ දෙනා අතර කතාබහක් ඇතිවිය.
ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ රජයේද, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයේ මෙන්ම වත්මන් රජයේ හිතවාදියෙකු ලෙස ද කටයුතු කරන ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කරයි.
ඔතෙලෝ කවුළුව, හිමි අහිමි වැනි නිර්මාණ ගණනාවකම මෙන්ම ඒ.එස්.පී. පැදුරු පාටිය වැඩසටහනේද නිෂ්පාදනය කර ඇති ඒ.එස්.පී. ලියනගේ මහතා පහුගිය සමයේ වත්මන් ජනාධිපතිවරයාට සුබපැතුම් පලකර දැමූ දැන්වීම් සම්බන්ධයෙන් ද දැඩි කතාබහට ලක්විය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු විද්‍යා ගුරුවරයෙකු ලෙසට කලක් කටයුතු කළේය.
COMMENTS