ආගමික සිද්ධස්ථානවලට බලපා ඇති අසාධාරණ විදුලි බිලට සහනයක් ලබාදෙන ලෙස සහ ජීවන බරින් මිරිකී සිටින ජනතාවට විදුලි බිල නමැති පොල්ලෙන් පහරදීම නවතා...
එම උද්ඝෝෂණයට සියලු ආගමික නායකයන් නියෝජනය කරමින් පූජ්‍ය සහ පූජක පක්ෂය සහභාගි වන අතර, 21 වැනිදා ආගමික නියෝජිත පිරිසක් විදුලි බිල සාධාරණ ලෙස සකස් කරන ලෙස ඉල්ලා විදුලිබල අමාත්‍යවරයාට සංදේශයක් භාරදෙන බවද සෝභිත හිමියෝ සඳහන් කළහ.
දේශපාලනඥයන්ගේ වැරැදි නිසා විදුලි බිලෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ආගමික ස්ථානවලට සහ දුප්පත් ජනතාවට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයන්ට බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
-මව්රට

COMMENTS