ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලුම රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා පිටත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගු...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලුම රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා පිටත්වීමට නියමිතය.
ඒ අනුව අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිත ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර මධ්‍යයේ යාපනය නගරයට පැමිණීමට නියමිතයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ව පලාලි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතව ඇත.
වැඩසටහන අවසානයේ ඉහළ පෙලේ නිලධාරීන් සමග දිවා ආහාරයද ලබා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
පස්වරු 2.15 ට යාපනය ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනාධිපතිවරයා එහිදී " Tell to President " වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව ඇත.
ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගී වීමට නියමිතය.
COMMENTS