දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

PropellerAds

කො ළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාව සීග්‍රයෙන් ඉහළ යාම නිසා වර්තමානයේ දී දවසේ ඕනෑම කාලසීමාවක දෙහිවල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා දැඩි ර...

COVID-19 - ලොවපුරා ලක්ෂ දෙකක් බිල්ලට ගනී ! අවසන් දින 15 තුළ මරණ ලක්ෂයක්
කොරෝනා මුල්‍ය ආධාර විශාල තොගයක් ලැබුණා.. පාර්ලිමේන්තුව කැදවන්නෙ නැත්තෙ ඒවා මාටියා ගහන්නයි - තලතා අතුකෝරල
උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා - හිටපු කතානායක
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාව සීග්‍රයෙන් ඉහළ යාම නිසා වර්තමානයේ දී දවසේ ඕනෑම කාලසීමාවක දෙහිවල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා දැඩි රථ වාහන තදබදයක් ඇති බව විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙයට පිළියමක් වශයෙන් මෙම සමුද්‍රීය මාර්ගය (Marine Drive) කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය (Hill street) දක්වා ඉදිකරයි. දැනට සමුද්‍රීය මාර්ගයේ ඉදි කර ඇති මංතීරු 2 ක් සහිත දෙහිවල පාලමේ (රාමක්‍රිෂ්ණ පාර අසල) පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු 04 දක්වා පුළුල් කර ඉදිකිරීමට මේ වන විට වැඩ ආරම්භ කර ඇත. මෙම නව පාලම සඳහා රුපියල් මිලියන 228ක් වැය වේ. ඉදිකරන නව පාළමේ දිග මීටර 25කි. එහි පලල මීටර 18කි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ….

මෙම සමුද්‍රීය මාර්ගයේ පසුගිය යහපාලන රජයේ අවුරුදු 5 තුළ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජයේ අරමුණ නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව දින 70 වැනි කාලයකදී මෙම දෙහිවල සිට හිල් වීදිය දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පවතින රථ වාහන තදබදයට මෙම මාර්ගය ඉදිකිරීම මගින් කෙටිකාලීන පිළියම් ලැබෙනවා. මෙම මාර්ග තදබදයට ස්ථිර ස්ථිරසාර විසඳුමක් ඉදිරියේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා .

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා …

අපි මේ මොහොත වන විටත් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා. අපි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ල නියමිත පරිදි ඒ ආකාරයෙන් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරගෙන යනවා. ගෞරවනීය මහා සංඝරත්නයෙන් මේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට අපේ තීරණය නම් නිසි වේලාවට මේ මැතිවරණ සියල්ල පැවැත්විය යුතුයි යන ප්‍රතිපත්තියේ තමයි අපි ඉන්නෙ. ගරුතර මහා සංඝරත්නය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව තමයි අපේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ. මහා සංඝරත්නය සහ අපි අතර කිසිම ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට ඔවුනටද අයිතියක් තිබෙනවා. මහා සංඝරත්නය මතයට අපි විරුද්ධ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ අපි වැඩකටයුතු කරන්න ඕනා. අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්දවලින් බලයට පත් වුණු ආණ්ඩුවක්. ඒක කිසි කෙනෙකුට අභියෝගයට ලක්කරන්න බැහැ. අපි ඒක අභියෝගයට ලක් කරන්නෙත් නැහැ. අදටත් අපි බෞද්ධාගමට සහ ගරුතර සංඝරත්නයට මූලිකත්වය දීලා කටයුතු කරන ආණ්ඩුවක්. අපි මහා සංඝරත්නය සිරගත කරලා ඔවුන්ගේ ඔලු පළල ඔවුනට ජල බවුසර්වලින් පහර දුන්නු ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. එදා වගේම උන් වහන්සේලා අදත් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. ගරුතර මහා සංඝරත්නයේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වෙද්දි විපක්ෂය පොඩි චූන් එකක් අරගෙන ඉන්නේ. අපි මහා සංඝරත්නය ආරක්ෂා කරනවා. ඔවුන්ගේ අවවාද අනුශාසන අපි පිළිපදිනවා.

කොරෝනා වලින් මියගිය අයගේ මෘත දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා …

සෞඛ්‍ය බලධාරීන් මෘතශරීර සම්බන්ධයෙන් ලබා දී තිබෙන උපදෙස් හා ක්‍රියාමාර්ග අනුව අපි ක්‍රියා කරනවා. ඒවාට පටහැනිව අපි ක්‍රියා කරන්නේ නැහැ. කොවිඩ් වසංගතය ක්‍රියා ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ට උවමනා පරිදි නොවේ. ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපි කොවිඩ් මර්දනයේදී ඉදිරියෙන් සිටිනවා. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අපි නියමිත පරිදි පිලිපදිනවා. ඔවුන්ගේ උපදෙස් වලට පටහැනිව අපි ක්‍රියා කරන්නේ නැහැ. අපි පැහැදිලිව කියනවා එක රටක් එක නීතියක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා. එතනින් එහාට අපි වැඩ කරන්නේ නැහැ. නමුත් මහා සංඝරත්නයට හා විවිධ කණ්ඩායම් වලට මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට අයිතියක් තිබෙනවා. මෘත ශරීර සම්බන්ධයෙන් ගරුතර මහා සංඝරත්නයට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මම සතුටු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.

කොරෝනා වසංගතය නිසා අපේ සංවර්ධන කටයුතු අපි අඩාල කරගන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව අපේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා. කොන්ත්‍රාත් සමාගම් සමග තිබෙන ගිවිසුම් නිසා සංවර්ධන ව්‍යාපෘතීන් නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වුවහොත් අපිට ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. එම නිසා අපේ සංවර්ධනය කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා. සොබාදහම වෙනස් වූ ආකාරයට අපිත් අපේ ක්‍රමවේදයන් වෙනස් කර රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBZv_9NbcGjb-3bvKwgraWfS3lwZ_xsG8BlsMxYUN1LR8psV0gmJ4B2y4pHUF6b-NpHBtUXqHZadwhcFBgrb_fqsK518YovvRbQyIpyLZ-aqgQ1ZbKODR-3yPj1DtD1EbqmH2qY7Nwki0/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBZv_9NbcGjb-3bvKwgraWfS3lwZ_xsG8BlsMxYUN1LR8psV0gmJ4B2y4pHUF6b-NpHBtUXqHZadwhcFBgrb_fqsK518YovvRbQyIpyLZ-aqgQ1ZbKODR-3yPj1DtD1EbqmH2qY7Nwki0/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_788.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_788.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy