රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම සහ හොරකම, දූෂණය පිටු දකිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංව...
රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම සහ හොරකම, දූෂණය පිටු දකිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන 'පෙරැළියක ඇරැඹුම' ජනතා රැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් 2.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙහදී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින විමල් වීරවංශ මහතාගේ පටිගත කරන ලද ඓතිහාසික කතාවක් ප්‍රචාරය කිරීමට එහි සංවිධායකයෝ කටයුතු කරමින් සිටිති.
විනාඩි විස්සකට සීමා කරන ලද එම කතාව, විමල් වීරවංශ මහතා එම ස්ථානයට රැස්ව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගෙන් අවසර ගෙන කතාව විකාශය කරන බවද වාර්තා වෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව එම කතාව පුළුල් තිර ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කෙළේය.
මේ පිළිබඳව ඊයේ (26) දිනයේදී අදහස් දක්වූ ජාතික නිදහස් පෙරමුණ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා,
"මේ මර්දනය හමුවේ අපි නිහඩව ඉන්නේ නැහැ. රටම වනසන විජාතික කොන්ත්‍රාත්තුවක් ඉටු කරන මේ ආණ්ඩුව ගෙදර යැවීම හැකි ඉක්මනින් කරනවා. ඒ 'පෙරළියේ ඇරඹුම’ හෙට නුගේගොඩින් අරඹනවා. ඒ සදහා ලක්ෂ ගණනින් රොද බදින්න කියා මේ රටට ආදරේ කරන ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම හෙට සවස නුගේගොඩට රොද බදින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සිරගතකොට සිටින අප පක්ෂයේ ආදරණීය නායක විමල් විරවංශ මහතාගේ ඓතිහාසික කතාවක් ඇසීමේ අවස්ථාවත් අපි නිර්මාණයකර තිබෙනවා" යැයි පැවසීය.
COMMENTS