මත්තල ගුවන් තොටුපළ තුළ ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇංජිමේ අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් ත...
මත්තල ගුවන් තොටුපළ තුළ ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇංජිමේ අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් - 12 වර්ගයේ , ඇංජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි . මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ .
මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇංජිමක් රැගෙන යන අතරතුර දී , යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
12/26 දින උදෑසන 8.30 ට ටී.එස්.ටී. - 7042 දරන මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව , ඕමානයේ සලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්ම , එහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ . ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ , මෙම ගින්න නිවා දමා තිබේ .
මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ , මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත , මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සදහා යොමු කිරීම සිදු වන බව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS