අද(26) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමට නියමිතව තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ම...
අද(26) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමට නියමිතව තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මගී ප්‍රවාහන රථ සංගම් නියෝජිතයින් සමඟ පසුගියදා පැවති හමුවකදී මෙම එකඟතාවට එළඹිය.
ඉන්ධන මිල පහල දැමීමට රජය පියවර ගැනීමත් සමඟ ඊට සාපේක්ෂව පොදු ප්‍රවාහන සේවයේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පසුගියදා විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සහ පොදු ප්‍රවාහන රථ සංගම් නියෝජිතයින් අතර හමුවක් පසුගියදා පැවැත්විය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමටයි එහිදී එකඟත්වය පළ විය.
එහෙත් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද එහිදී විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS