රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට...
රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට සිදුකළ දැනුම්දීමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගැනීමට යාමේ දී අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පළායාමට උත්සාහ දරා තිබේ.
කෙසේවෙතත් පොලීසිය ගල්කිස්ස වෙරළ තීරයේ එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ජීවිත ආරක්ෂක නිලධාරීන් සමග එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු බවට අනාවරණය වී තිබේ.
මිරිහාන සහ කන්තලේ යන ප්‍රදේශවල පදිංචි 27 සහ 47 හැවිරිදි අදාළ සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුරකරයි.
COMMENTS