ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළම නිලධාරියෙකුට මිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය විසින් දුරක...
මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය විසින් මේ ආකාරයෙන් බලපෑම් කළ බවද ඇය දැනගන්ට ඇත.
නිවාස අධිකාරිය සතුව තිබෙන බෙදා නොදුන් කඩ කාමර නිවාස ආදිය වහා බෙදා හරින ලෙස ඇය විසින් මෙසේ බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
මැතිවරණයක් කැඳවා ඇති නිසා මැතිවරණ කොමිසම විසින් දන්වා ඇති පරිදි එම කටයුත්තට මැදිහත් විය නොහැකි බව ඉහළ නිලධාරීයා දැනුම් දුන්නද හේමා ප්‍රේමදාස මහත්මිය විසින් දන්වා ඇති දින පසුපසට දමා හෝ මේවා බෙදා දිය යුතු බවයි.
කෙසේ වෙතත් මෙම නිලධාරීන් ඇගේ නියෝගය ඉටු කර නැති අතර ඔවුන් සදහන් කරන්නේ මෙවන් නීති විරෝධී කටයුතු කිරීමෙන් ඉදිරියේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට යන්නට වනු ඇති බවයි.
හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකුට මෙම කඩ කාමර සහ නිවාස බෙදා දෙන ලෙස ඇය විසින් දන්වා ඇතැයිද වාර්තා වේ.
-lankacnews
COMMENTS