දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානක වෙයි.. ටෙන්ඩර් මගඩියකින් ජාතියම වඳ කිරීමේ වෑයමක..
Homeප්‍රවෘත්ති

ඇමති අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානක වෙයි.. ටෙන්ඩර් මගඩියකින් ජාතියම වඳ කිරීමේ වෑයමක..

PropellerAds

තමන්ට උදව් කරන සමාගමකට ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීමට අධ්‍යාපන ඇමතිතුමා දැරූ උත්සහයක් හේතුවෙන් අනාගත පරපුර වඳවීමේ අවදානමක් මතුවී තිබෙනවා. ටැබ්...

පේරාදෙණි සරසවියෙන් විස්මිත පරීක්‍ෂණයක්… විනාඩි 30න් කොවිඩ් ප‍්‍රතිඵල…
කිරින්ද වැලි නිධිය කාටවත් දීලා නෑ. විමල් ව්‍යාජ දේශප්‍රේමයෙන් නූගත් පාක්ෂිකයින් චූන් කරනවා - පතිරණ
බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා අපේ ස්වෛරීත්වය පාවාදෙන්න අපි සූදානම් නෑ - ජනපති
තමන්ට උදව් කරන සමාගමකට ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීමට අධ්‍යාපන ඇමතිතුමා දැරූ උත්සහයක් හේතුවෙන් අනාගත පරපුර වඳවීමේ අවදානමක් මතුවී තිබෙනවා. ටැබ් පරිගණක ලබා දෙන්නේ උසස් පෙල දරුවන්ට. ඒ අය මේවා උකුලේ තබාගෙන කටයුතු කරන්නේ.
ටැබ් පරිගණක මගින් නිකුත් කරන විකිරණ සහ තරංග හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රානු වල ජීව කාලය අඩු කරනවා වගේම ශුක්‍රානු කැබිලි වීමේ අවදානමක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාණය පවා ප්‍රකාශකර තිබෙනවා. මේ බව Use of Laptop Computers connected to internet through WiFi decreases human sperm Motility and increases sperm DNA Fragmentation යන විද්‍යාත්මක නිබන්ධනයේ ඉතාම පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ඊට අමතරව අන්ධභාවය, ටිෂූ ඉරීම, තුවාල ඇති වීම, ඉන්ද්‍රින් අක්‍රියවීම පිළිකා ඇතිවීම සහ ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම වැනි රෝග ගණනාවක් නිසි ප්‍රමිතියෙන් තොර පරිගණක වලින් නිකුත්වෙන විකිරණ සහ තරංග හේතුවෙන් සිදුවිය හැකි බව සෞඛ්‍ය සංවිධාන සහ විද්‍යාත්මක පර්යේෂකයන් විසින් හෙළි කර තිබෙනවා.

මේ කරුණු මත මිළ දී ගැනීම සඳහා පිරිවිතර සකස් කළ විශේෂඥ කමිටුව විසින් සැපයීමට ඉදිරිපත් කරන සෑම ටැබ් පරිගණකයක්ම සෞඛ්‍යයට හිතකර බවට ඇමෙරිකාවේ පෙඩරල් සන්නිවේදන කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් දැම්මා. ඇමතිතුමාගේ අවාසනාවට ඇමතිතුමාට හිතවත් සමාගමට මෙම සහතිකය ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ නිසා අවශ්‍ය ප්‍රමිතියට ටැබ් පරිගණක නැති පදනමින් මේ සමාගම ප්‍රතික්ෂේප වුණා.

ඇමතිතුමා මොකද කලේ? තමන්ට අවශ්‍ය සමාගම අනුමත නොකළ තාක්ෂණික කමිටුව ඉවත් කරලා අළුත් කමිටුවක් පත් කර ගන්න උවමනා වුණා. ඒ අනුව 2017.07.12 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය මුදල් දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යවමින් තාක්ෂණික කමිටුව ඉවත් කර නව කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒකට අධ්‍යක්ෂ ජනරාල්වරයා අපූරු පිලිතුරක් දෙනවා. 2017 ජූලි 24 දින යැවූ පිලිතුරේ මෙන්න මෙහෙම සටහන් වෙනවා.

“ලංසු කැදවීම තාක්ෂණික ඇගයීම් කමිටුව විසන් අවසන් කර ඇති අතර පිළිගත් ප්‍රසම්පාදණ ක්‍රමවේදයන්ට පටහැණිව ලංසු විවෘතකිරීමේ දිනය කල් දමා ඇති බව නිරීක්ෂණය කරමි. එබැවින් මෙම අවස්ථාවේදී පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයින් සියළුම දෙනා එක වර ඉවත් කිරීම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වයට සහ විනිවිදභාවයට අහිතකර බලපෑම් ඇති කරයි. තව ද එය වැරදි පූරවාර්දශයකට හේතු වන අතර ප්‍රසම්පාදන මූලර්ධමයන්ට ද පටහැනි බව නිරීක්ෂණය කරමි”.

මේ දිග කතාව කෙටි කලොත් දිගු කාලයක් තිස්සේ කළ කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස 2019 ජූනි 26 දින ටැබ් පරිගණක ඇමතිවරයාට අවශ්‍ය සමාගමෙන් මිළ දී ගැනීම සඳහා ඇමති මණ්ඩලය අනුමැතිය ලබා ගන්නවා. මේ සමාගම ලබා දෙන්නේ එෆ්සිසි සහතිකය නොමැති පරිගණකයි.

සහරාන්ගේ ප්‍රහාරයෙන් මිය ගියේ 259යි. තුවාල වුණේ 500යි. අකිල විරාජ්ගේ ප්‍රහාරයෙන් ලක්ෂ ගණන් පාසල් දරුවන් සහ ගුරුවරුන් වඳ වීමට වගේම වෙනත් රෝග වලට ගොදුරු වීමේ අවදානමක් මතු වී තිබෙනවා. මෙය සෘජුවම මහා පරිමාණ ජන සංහාරයක්. ඒ නිසා අකිල විරාජ්ගේ ත්‍රස්ත ප්‍රහාරය සහරාන්ගේ ප්‍රහාරයට වඩා භයානකයි කියා අපට කියන්න පුළුවන්.

අපි මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විර්මශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ජන සංහාරයට සම්බන්ධ සියලුම නිලධාරින්ට තරාතිරම නොබලා අනාගත ආණ්ඩුව විසින් දඬුවම් කරන බැවින් මේ අපරාධයට දායක නොවී සිටින මෙන් අපි සියළුම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානක වෙයි.. ටෙන්ඩර් මගඩියකින් ජාතියම වඳ කිරීමේ වෑයමක..
ඇමති අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානක වෙයි.. ටෙන්ඩර් මගඩියකින් ජාතියම වඳ කිරීමේ වෑයමක..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_hKslii9T_rNiEIDhmWYEpymBHbNr16gZPMtQh2h8o5EvkpFsCtGdxvOVbEGeNh1r2h-1DcO1lIoL8bEBC491AZiz3vCFTm2mqwrtzvc7l_VAhaVgBjA25cRnr1j1jyYBNo72e0SUVsqR/s320/akila-tab.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_hKslii9T_rNiEIDhmWYEpymBHbNr16gZPMtQh2h8o5EvkpFsCtGdxvOVbEGeNh1r2h-1DcO1lIoL8bEBC491AZiz3vCFTm2mqwrtzvc7l_VAhaVgBjA25cRnr1j1jyYBNo72e0SUVsqR/s72-c/akila-tab.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_764.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_764.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy