අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා හමුදාව වෙත බාර වූ කොටි සාමාජිකයින් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හමුදාව සන්තකයේ නොමැති බව එම සේනාංකය බා...
අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා හමුදාව වෙත බාර වූ කොටි සාමාජිකයින් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හමුදාව සන්තකයේ නොමැති බව එම සේනාංකය බාරව සිටි මේජර් ජෙනරල් කාලිංග ගුණවර්ධන මහතා මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සම්සුඩීන් මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ(30) සදහන් කළේය.
යුද හමුදාවේ 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාව බාර දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 15 දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් විභාග කෙරෙන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
මෙම නඩුවේ පසුගිය නඩු විභායේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ සියලුම කොටි සාමාජිකයින්ගේ නම් ගම් ඇතුළු විස්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට හමුදා මූලස්ථානය වෙත නියෝග කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් හමුදා පාර්ශවය මේ බව සදහන් කළේය.
එලීලන්ගේ බිරිය වන උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන්, ක්‍රිෂ්ණකුමාර් ජෙයක්කුමාරි, විශ්වනාදන් බාලනන්දිනී, කන්දසාමි කාන්ති, කන්දසමි පොන්නම්මා යන අය මෙම පෙත්සම වව්නියාව මහාධිකරණයේ ගොනුකර ඇති අතර මහාධිකරණය විසින් මෙහි වැඩිදුර විභාගය මුලතිව් දිසා අධිකරණය වෙත පවරා ඇත.
COMMENTS