ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ගම්මට්ටමේ ජනතාවගේ විශාල ප්‍රසාදයක් ඇති වෙමින් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පණ්ඩිතයින් ත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ගම්මට්ටමේ ජනතාවගේ විශාල ප්‍රසාදයක් ඇති වෙමින් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පණ්ඩිතයින් තමන්ටත් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුයැයි පවසන බවත් ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් මෙසේ වෙනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනංවාගෙන සිටීම යනු අත කපන්නත් බැරි සිඹින්නත් බැරි තත්වයක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මෛත්‍රී ජනාධිපතිතුමාට විශාල ගෞරවයක්, ආදරයක් ක්‍රමානුකූලව ගම ඇතුළෙ හැදෙමින් පවතිනවා. තව මාස දෙක තුනක්... එතුමත් බොහොම සූත්තර දෙන්න කෙනෙක්නේ. නේද අපෙ හාමුදුරුවනේ ? ඉතිං එතුමත් මේක හිමීට හිමීට වයින් කර කර තමයි ඉන්නේ. එන්න කියන්නකෝ ජනාධිපති අපේක්ෂකවරුන්ට. අපි බලාගන්නම් ඉතුරු ටික. එතුමා තව මාස හතරක් පහක් යනකොට, මතක තියාගන්න, ක්‍රමානුකූලව මේක උස්සනවා. ඒ උස්සනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කියයි මෛත්‍රී මහත්තයා දාන්න. එතකොට පොදුජන පෙරමුණේ ඔය ඉන්නවානෙ පණ්ඩිතයෝ දෙතුන් දෙනෙක්, එයාලා කියයි අපි 39ක් ගත්තා. නෑ නෑ අපේ එක්කෙනා දාන්න කියලා. මං කිව්වා කමක් නෑ හරි දාන්නකො කවුරු හරි. අපි බලමු කතා කරලා කොහොමද කරන්නෙ කියලා. හැබැයි මතක තියාගන්න රජෝ, ඔය කතා කරන කාටවත් අපි දෙගොල්ලො එකතු වුණේ නැත්නම් ජනාධිපතිවරණයක් දිනන්න බෑ."
එම වීඩියෝව පහතින්,
COMMENTS