දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්
Homeප්‍රවෘත්ති

මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්

PropellerAds

මේ රටට ආදරය කරන, රට බෙදනවාට, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිලාෂයන්ට පිටු පා කටයුතු කරන මෛත‍්‍රී-රනිල් පාලනය, මහින...

ඇමති මංගල ජනාධිපති පරීක්ෂණ කොමිසමට
අවුරුද්දක් වයසැති සිඟිත්තාට මත්පැන් පෙවූ පියා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්
"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්

මේ රටට ආදරය කරන, රට බෙදනවාට, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිලාෂයන්ට පිටු පා කටයුතු කරන මෛත‍්‍රී-රනිල් පාලනය, මහින්ද - විමල් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට සිතනවා නම් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ, දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (31) පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා සිරගත කරලා අදට සති තුනක් ගෙවීගොස් තිබෙනවා. අද මේ ආණ්ඩුව යන්න හදන ගමන පිළිබඳ ඒ සරගත කිරීම මගින් අපට යම් ඉගියක් ලබා දි තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව යන්න හදන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති ගමන මුල සිට අගට, එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වගේම ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති ධුරටද දරන අශෝක් අබේසිංහගේ කටින් පසුගියදා 24 වනදා පාර්ලිමේන්තුවේදි එළියට පැන්නා. “

ඒකාබද්ධ විපක්‍ෂය බිමට සමතලා කර 2020දී පවත්වනු ලබන මැතිවරණයේදී තමන්ට නිතරග ජයක් ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන පිට්ටනියක් හදන හැටි එදා අශෝක් අබේසිංහගේ කටින් එළියට ආපු හැටි හැන්සාර්ඞ් වාර්තාවේ තිබෙන බව මන්ත්‍රීවරයා පැවසී ය.

‘අද ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයක් ඉන්නේ ඇප පිට. සමහරු තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ ඉන්නවා. මේ සියලූ දෙනාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම නඩු පැවරෙනවා. අපේ රටේ නීතිය අනුව මිනී මැරුමකට රිමාන්ඞ් බන්ධනාගාරගත වුණත් මාස දෙක - තුනක් එළියේ. ඊට පස්සේ අධිචෝදනා පත‍්‍ර භාර දුන්න. තමයි නඩුව අහන්නේ. ඒ නිසා ඒ ඉන්න හුගක් අයට හෙට -අනිද්දා වන විට අධිචෝදනා ගොනු වෙයි. එක් කෙනෙකුට නඩු පහක් - හයක් තිබෙනවා. ඉදිරියේදී ඒ අයට අධිචෝදනා ගොනු කළාම ඒ නඩු අහන්න වෙනම උසාවියක් හදන්න කියලා අපි අගමැතිතුමාට කිව්වා..’ කියලා. නීතිය නමන පොලිස්පති ලවා තමන්ගේ දේශපාලන ප‍්‍රතිවාදීන්ට එරෙහිව විමර්ශ සිදු කරලා ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා අධිචෝදනා ගොනුකරලා වෙනම අධිකරණයක් හදලා ඉක්මනින් නඩු අහලා හිරේ දමන බවයි මේ අශෝක් අබේසිංහ කියන්නේ.“ යැයිද හෙතෙම සඳහන් කළේය.

“ඊට පස්සේ මෙයා කියනාවා... ‘2017 වසරේ අධිචෝදනා පත‍්‍ර භාර නඩු අහලා තීන්දු දෙන විට 2018, 2019 වෙයි’ කියලා. ඊට පස්සේ තව අමතර විනාඩියක කාලයක් මුලසුනෙන් ඉල්ලා ගත්තු මේ රනිල් වික‍්‍රමසිංහගේ ගෝලයා මොනවද කියන්නේ? 

‘... එතකොට ඔය තාජුඩින්ගේ මරණයට සම්බන්ධ අයට එහෙම වෙනම දඩුවම් ලැබේවි. අවුරුදු දෙක තුනකට හිරේ ගියාම ඒ අයට 2020 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බුවෙන්නේ නැහැ. මේ අය එළියට එන්නේ, 2021/2122 වසරේදී විතර. ලංකාවේ නීතිය අනුව මාස 3ක් හිරේ ගියොත් අවුරුද් 7කට ප‍්‍රජා අයිතිය අහෝසියි. එතකොට 2020/2029 දක්වා ප‍්‍රජා අයිතිය අහෝසියි. 2025 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බවෙන්නේ නැහැ. 2025 වසරේදී අපේ හිටපු ජනාධිපතිතුමාට අවුරුදු 82ක් වෙනවා. මේ අයට අවුරුදු 82දී එතුමා කොහේද ඉන්න ඕන කියලා කවුරුත් දන්නවා...’ 

“රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ මේකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් නායකයන් අඩුම තරමින් මාස තුනකටවත් හිරේ දමලා ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය වසර 07කටවත් අහෝසි කරන බව නේද මේ කියන්නේ. මේ තමයි ‘බටලන්ද අලූත් තියරිය’ එදා රනිල් වික‍්‍රමසිංහගේ බටලන්ද වදකාගාරයටත් බිය නොවුණු අපි අද මේ සෙල්ලම්වලට බය වෙයිද? ජවිපෙ අලූත් නායකයා රනිල්ට බයවෙලා අලි නැට්ටක් බවට පත් වුණාට අපි එහෙම වෙන්නේ නැහැ. අද ශ‍්‍රීලනිප ඇමතිවරු සහ ජවිපෙ අලි නැට්ටක් වෙලා. ඔවුන් අද කථා කරන්නේ මුඛයෙන් නොවෙයි අධෝ මුඛයෙන්.“ 

මේ ‘අලූත් බටලන්ද තියරිය’ රනිල් - අනුර සැලැස්මක්. මේ අයට අවශ්‍ය තනි දේශපාලන පිට්ටනියක්. මහින්ද, විමල් ඇතුළු ජාතිකවාදී නායකයන් හිරේ දමලා වසර 07කට ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළාම තනි පිට්ටනිය හැදෙනවා. හැබැයි මේ සිහිනය සැබෑ කර ගන්න ඉඩ දීලා අපි නිහ`ඩව ඉඳිවි කියා හිතන්න එපා ‘අප සමග මේ රටට පණවගේ ආදරය කරන රට බෙදෙනවාට විරුද්ධ, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ 50-70ක ජනතාවක් සිටින බව අමතක කරන්න එපාෟ කියලා මේ අවස්ථාවේ අපි මේ මෛත‍්‍රී - රනිල් රූකඩ - පරගැති ආණ්ඩුවට අවධාරණය කරනවා“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.    

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්
මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්
http://ift.tt/2kmpFVi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/07_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/07_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy