සමාජ ජාලා වෙබ් අඩවි තුළින් විකාශනය වු කුඩා දරුවෙකුට මත්පැන් පොවන දර්ශනයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දරුවාගේ පියා සහ සෙසු පුද්ගලයින් තිදෙන...
සමාජ ජාලා වෙබ් අඩවි තුළින් විකාශනය වු කුඩා දරුවෙකුට මත්පැන් පොවන දර්ශනයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දරුවාගේ පියා සහ සෙසු පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම සිදුවීම මීගලෑව පොලිස් වසමේ අංක 313, ගනන්ගමුව, මීගලෑව යන ලිපිනයේ පදිංචි නිවසේ දී සිදුව තිබේ.
කෙසේ වෙතත් සිදුවීමට භාජනය වු දරුවා වයස අවුරුදු 1 යි මාස 1 වන පිරිමි දරුවෙක් වන අතර පියා වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 16 වනදා දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීම පසුගිය 14 වන දින සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ පැවැත් වීමෙන් අනතුරුව 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ අංක 308 අ වගන්තිය යටතේ වු ළමයින් කෲරත්වයට පත් කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ සිඟිත්තාගේ පියා ඇතුළු මෙම සැකකරුවන් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS