දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
Homeප්‍රවෘත්ති

"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී

PropellerAds

අසනීප වූ සිව් හැවිරිදි දරුවෙකුට බෙහෙත් රැගෙන ඒමට ගම්පොළ පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය මවකට එහි වෛද්‍යවරිය බැන වැදී ඇති අතර රෝහලේ උපස්...

අයවැය කතාව අතරතුර ජනපති පාර්ලිමේන්තුවට
අයවැය 2017 - නවතම තොරතුරු (UPDATING)
මාධ්‍යවේදියෙකු ලෙස ජනපති අසලට ආ පුද්ගලයා රිමාන්ඩ්

අසනීප වූ සිව් හැවිරිදි දරුවෙකුට බෙහෙත් රැගෙන ඒමට ගම්පොළ පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය මවකට එහි වෛද්‍යවරිය බැන වැදී ඇති අතර රෝහලේ උපස්ථායිකාවක් එහිදී කළ පහර දීමෙන් එම මව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

දරුවා කටුව වෛද්‍යවරිය වෙත යෑමේදී කුඩා දරුවාගේ පාවහන් ගැලවීම සහ දරුවා කහින්නට වූ නිසා මෙම පහරදීම හා බැන වැදීම කළ බවට එම මව ගහල පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධියෙන් රෝහල්ගත කර ඇත්තේ ඔසිප් හන්දිය ප්‍රදේශයේ පදිංචි එම්. නිත්‍යකල්‍යාණි නමැති විසිහත් හැවිරිදි මවකි. ඇයගේ පැමිණිල්ල අනුව සිව් හැවිරිදි දරුවා උණ ගතියෙන් පෙළීම නිසා පෙරේදා සවස 3.00 පමණ ගහල රෝහලට කැටුව ගොස් තිබේ. එහි වෛද්‍යවරිය අසලට යෑම සඳහා සියලු දෙනා පාවහන් ගැලවිය යුතු වන අතර ඒ අනුව මව පාවහන් ගලවා ඇතුළට යාමට සූදානම් වීමේදී දරුවා කහින්නට පටන්ගෙන තිබේ.

දරුවාගේ පාවහන් ගැලවීමට පෙර කහින්නට වූ නිසා කෝපයට පත් වූ වෛද්‍යවරිය “ඔහොමද ළමයි හදන්නේ? අත තියලා කහින්න පුරුදු කලේ නැද්ද? හරක් වගේ ළමයින් හදලා අපිටයි කරදර” ආදී වශයෙන් බැන වැදී තිබේ.

ඒ අවස්ථාවේ මෙම මව “අනේ ඩොක්ටර් මේ පොඩි දරුවට ඔය විදියට බනින්න එපා. එයාට තවම මේවා තේරෙන්නේ නැහැ. අසනීප නිසා කැස්ස එන්නේ. එයා ඒක කොහොමද නතර කර ගන්නේ?” කියා විමසා ඇත.

එයින් කෝපයට පත්වූ වෛද්‍යවරිය උපස්ථායිකාවකට කතා කොට “මේ ගෑනි එලියර ඇදලා දාපන්” කියා කෑ ගසා තිබේ. ඒ සමඟම එතැනට පැමිණි උපස්ථායිකාවක් වෛද්‍යවරිය ඉදිරිපිට මේ මවගේ කනට, මුහුණට හා හිස දෙසට පහර කිහිපයක් එල්ල කර ඇති අතර ඇයගේ අතක්ද සුරා තිබෙන බව පැමිණිල්ලේ දැක්වේ.

පසුව මෙම උපස්ථායිකාව මෙම මව රෝහලෙන් එළියට ඇද දමා ඇති අතර, ඇය විසින් මේ බව පේරාදෙණිය දන්ත වෛද්‍ය පිඨයේ සේවයේ නියතු තම පියාට දුරකතනය මඟින් දන්වා ඇති අතර පසුව ඇයව මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

කිරි දෙන තම අතදරුවාත් සමඟ මෙම මව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගහල ග්‍රාමීය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරිය වන සිරුමිණි ද සිල්වා මහත්මිය මෙසේ පැවසීය.

“අපේ රෝහලේ ටයිල් කරලා තියෙන්නේ. එම නිසා මෙහි පැමිණෙන සෑම රෝගියෙකුම පාවහන් ගැලවිය යුතුයි. මේ මව එයට අකමැත්තක් ප්‍රකාශ කරලා පසුව ගැලෙව්වා. දරුවට නොනැවතී කැස්ස තිබුණා. මම එවිට ලේන්සුවක් පාවිච්චි කරන්න කිව්වා. පසුව ඇය මගේ කාමරයට පැමිණ ඔයාට මට කතා කරන්නට ඕනා කිව්වා. කතා කළ විලාසය නිසා මම ඒ ගැන වැඩිය ගන්න ගත්තේ නැහැ. පස්සේ එයා “අපේ ළමයි හරක් නෙවෙයි” කියලා මට දොස් කිව්වා. එවිට උපස්ථායිකාවක් පැමිණ ඇය එලියට අරන් ගියා. පහර දීමක් සිදු වුණේ නැහැ.”

ගහල පොලිස් ස්ථානාධිපති කේ.එම්.ආර්.එස්.කෝනාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප.නීල් කළුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
http://am.lk/media/k2/items/cache/2f557fb60fba45a59cc68ec8a771d566_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_980.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_980.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy