මෙරට ජාතික ප්‍රශ්නය විසදීම වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒමට, ජාතික ඒකාබද්ධතාවක් ඇති කිරීමේ අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථ...
මෙරට ජාතික ප්‍රශ්නය විසදීම වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒමට, ජාතික ඒකාබද්ධතාවක් ඇති කිරීමේ අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මේ පාර්ලිමේන්තුව අවංකව මැදිහත්වන්නේ කවදාදැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා (01) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්න කළේය.
පසුගිය සන්ධාන ආණ්ඩු සමයේ ඒ සඳහා උපදේශ කාරක සභාවක් ස්ථාපනය කළද ඊට එක්සත් ජාතික පක්ෂය මෙන්ම සෙසු පක්ෂ ද සහභාගී නොවුන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.
බණ්ඩාරනායක,චෙල්වනායගම් යුගයේ ද ඊට උත්සහ කළද ඒ සඳහා එජාපය සහය නොදුන්නා සේම ඩඩ්ලි සේනානායක යුගයේදී ශ්‍රීලනිපය සහය නොදුන් බවද ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් අද සියලු දේශපාලන පක්ෂ එක ව්‍යවස්ථා සභාවක වාඩිවී ජාතික ප්‍රශ්නය විසදීම සඳහා ව්‍යවස්ථාව සකස් කර ගැනීමට පාර කැපී ඇති මොහොතකත් ජාතිවාදය, ආගම්වාදය උත්කර්ෂයට නගමින් ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ජාතික ප්‍රශ්නය විසදීම සඳහා ලැබී ඇති අන්තිම බස් එකට සියලුම දෙනා එකාවන්ව නැගී සිටිය යුතු බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS