මෙරට භාවිතය තහනම් කරන ලද පළිබෝධනාශක තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොල...
මෙරට භාවිතය තහනම් කරන ලද පළිබෝධනාශක තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ගුවන්තොටුපොළ පොලීසිය විසින් පැමිණීමේ පරියන්තයේදී සිදු කළ වැටලීමකදී අදාළ පළිබෝධනාශක තොගය සොයාගත් බවයි.
එහිදී පළිබෝධනාශක ග්‍රෑම් 100 පැකට් 1200ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ සැකකරු කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද(09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොළ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS