දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 
Homeප්‍රවෘත්ති

එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 

PropellerAds

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, අප ජනතාව වෙ...

ශ‍්‍රීලනිප අවුල පුපුරයි... දයාසිරි අවුට්... ශ‍්‍රීපනිප මහ ලේකම් සරත් ඒකනායක
ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැනුත් ආණ්ඩුව ඡන්දෙ නොතියා කකුලෙන් අදිනවා නම් අපිත් සටනට ලෑස්තියි! ජී.එල්. ඊළඟ සටන ගැන තොරතුරු හෙළි කරයි! (VIDEO)
IMF ණය ගන්න ලොකුම වැඩ ටික කලේ බැසිල්!
එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, අප ජනතාව වෙත ඉදිරිපත් කළ “පංච විධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි එහිදී යෝජනා කිහිපයක් සම්මත කර ගෙන තිබේ.

එම පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඒකීය රාජ්‍යයක් යටතේ සියලූ දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගැනීම ඇතුළු යෝජනා කිහිපයක් අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත කර ගෙන තිබේ.

එම නිවේදනය පහත පරිදිය.

යෝජනා අංක 01

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, අප ජනතාව වෙත ඉදිරිපත් කළ “පංච විධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි,

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන අයුරින් යහපාලන මූලධර්ම රාජ්‍ය ක්ෂේත්‍රයට තවදුරටත් කාවදින ලෙස ද, 

ප්‍රාදේශීය නියෝජනයන් ශක්තිමත් කර ප්‍රාදේශීය වශයෙන් පවතින අසමානතා දුරුවන අයුරින් ද, මානව හිමිකම් තවදුරටත් ශක්තිමත් කරමින් ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අසමානතා දුරුකර සමානතාව ශක්තිමත් කරන අයුරින් ද වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිණිස මීළඟ පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂ සමග කටයුතු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බැවින්,

එකී ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතා අනුමැතිය හිමි වූ පරිදි ඒකීය රාජ්‍යයක් යටතේ සියලූ දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගැනීමට ද,

පාර්ලිමේන්තුවට වගකියන අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීම ඔස්සේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින්, 

දැනට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාවිතා කරනු ලබන විශේෂ බලතල එසේම පවත්වාගෙන යාමට ද, මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ඨාස ක්‍රමය පදනම් කරගෙන මැතිවරණ පැවැත්වීමටද, හැකිවන අයුරින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම යළි සහතික කරමින්, අනු කමිටු හය විසින් ඉදිරිපත් කළ වාර්තාවන් සහ අනාගතයේ මෙහෙයුම් කමිටුවේ අනුමැතියෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව ද සැලකිල්ලට ගනිමින්,

අප විසින් ලද ජනවරමට අනුකූල කරුණු සඳහා එකඟත්වය ප්‍රකාශ කිරීමට ද,සම්පූර්ණ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයට යටත්ව ඊට අනුමැතිය ලබා දීමට ද, 

කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරන්නීය.

යෝජනා අංක 02

ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් හිමිකම් හා නිදහස, මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය පමණක් නොව, පාර්ලිමේන්තු බලතල ද පාගා දමමින්, අඳුරු පවුල් ඒකාධිපතිත්වයක් කරා ඇද දැමුණු අපේ මාතෘ භූමිය, ජනවාරි 08 වන දා විප්ලවය මගින් ගලවා ගෙන, යළි ඉහළට ඔසවා තැබීමේ අභියෝගාත්මක සත්කාර්යයට දායක වූ සියළු සමාජ කොටස් වෙත සිය කෘතවේදීත්වය යළි පළ කරන කෘත්‍යාධීකාරී මණ්ඩලය,

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ස්ථාපිත කෙරුණු සම්මුතිවාදී යහපාලන ජාතික ආණ්ඩුව මගින් ජාතික සංහිදියාව ශක්තිමත් කිරීම, බිඳ වැටුණු ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ගොඩ නැංවීම, නිදහසේ ජීවත්වීමේ අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, පාර්ලිමේන්තුව බලගැන්වීම, රට ණය බරින් මුදවා, කඩාවැටුණු ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරලීම උදෙසා ගත් පියවර හා සිදු කළ ප්‍රතිසංස්කරණ අගය කරමින්, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටු පිහිටුවීම, කෝප් ඇතුළු අනෙකුත් කමිටුවල ස්වාධීනත්වය බල ගැන්වීම, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හා සැලසුමක් යටතේ ඉන්දීය සාගරයේ සංවිධාන සහ ව්‍යාපාර ශක්තිය සතු කේන්ද්‍රස්ථානය බවට පත් වීමට සහ ධරනීය සංවර්ධනය අත්පත් කර ගැනීමට විධිමත් වැඩ පිළිවෙලක් දියත් කිරීම, නිවාස පන්ලක්‍ෂය, ග්‍රාමීය නිවාස, නාගරික පුනර්ජීව නිවාස, වතු නිවාස සහ නැවත පදිංචි කරවීමේ වැඩසටහන් යටතේ නිවාස හිමි සමාජයක් බිහි කිරීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් පුළුල් කරලීම ඇතුළු ජනතා හිතවාදී සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ ශ්‍රී ලාංකේය ජාතිය දැනුමෙන් හා ආර්ථික ශක්තියෙන් පොහොසත් බලවත් ජාතියක් බවට පත්කරලීම උදෙසා,

ජාතික ආණ්ඩුව වෙත සහය ලබා දීමට කෘත්‍යාධීකාරී මණ්ඩලය එකඟත්වය පළ කරන්නීය.

එක්සත් ජාතික පක්‍ෂය
කෘත්‍යාධිකාරී මණ්ඩලය
2016.12.08

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 
එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 
http://ift.tt/2gYXYQY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_761.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_761.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy