පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් ඓතිහාසික නඩු තීන්දුව අනුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග දැනටමත් තීන්දු කර ඇති බව ...
ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවත්, මේ හේතුවෙන් අකැමැත්තෙන් හෝ ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිෂන් සභාව ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බවත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හෙට දින මැතිවරණ කොමිසම හමුවෙන බවත් ඒ මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය යන දෙදෙනාගේ ක්‍රියාකලාපය දැන් අවසන් බවත්, මැතිවරණ පැවැත්වීමට සහාය ලබාදිය යුතු බවත් කී ඒ මහතා වර්තමාන මැතිවරණ කොමිසන් සභාව විසුරුවා නැවත කොමිසන් සභාවක් පත් කිරීම පත්කිරීමට දැඩි ව විරුද්ධ වන බවත් සදහන් කළේය.
COMMENTS