දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි

PropellerAds

තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුන් තිස් දහසක් පමණ මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීම පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රත...

කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න…
‘එක රටක් එක නීතියක්..’ වෙන වට වංගු නෑ.. අපි නිවටයෝ නොවෙයි.. අපේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා..- ඇල්ලේ හිමි
නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..
උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි

තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුන් තිස් දහසක් පමණ මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීම පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේවන තෙක් නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතුව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් විභාග ප්‍රතිඵල එළැඹෙන ජනවාරි මස 12 වනදා ට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවසී ය.

තාක්ෂණවේදය විෂය ධාරාව සඳහා පෙනී සිටි සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල 25% ක් පිළිතුරු පත්‍රයට එක් කෙරේ.

නිපුණතා සහිත දක්ෂ ව්‍යවසායකයින් රටට දායාද කිරීම අරමුණු කර ගනිමින් 2013 වසරේ සිට තාක්ෂණවේදය විෂය ධාරාව උසස් පෙළට ඇතුළත් කෙරිණි.

තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ උසස් පෙළට පෙනී සිටින සිසුන් 2250 දෙනෙකුට විශ්වවිද්‍යාල 13ක පාඨමාලා 28 ක් සඳහා ප්‍රවේශවීමේ අවස්ථාව උදා වන අතර එමගින් B.Sc. (Technology) උපාධිය පිරිනැමේ.

මීට අමතරව සිසුන්ට  දිවයිනේ ආරම්භ වන විශ්වවිද්‍යාල විද්‍යායතන 25 ට ප්‍රවේශවීමේ හැකියාව සහ G.N.N.Q.III පියවරේ සහතිකය හිමිකර ගැනීමට ද හැකි වේ. උසස් පෙළ සඳහා තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන්ට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් B - Tech උපාධිය ලබා ගැනීමට ද හැකියාව පවතී.

ඉදිකිරීම්, යාන්ත්‍රික ඉංජිනේරු, විදුලි, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සංචාරක මෙන් ම ආහාර තාක්ෂණය තුළ දේශීය මෙන් ම විදේශීයව ද විශාල රැකියා වෙළෙඳපොළක් පවතින අතර තාක්ෂණික විෂය ධාරාව යටතේ පාසල් අධ්‍යාපනය නිම කරන දරුවන්ට එම ක්ෂේත්‍ර සඳහා පිවිසීමේ වඩාත් පහසු වේ. 

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාග සඳහා අපේක්ෂකයෝ 315,000ක් පමණ පෙනී සිටි අතර ඉන් 240,991ක් පාසල් අයදුම්කරුවෝ වූහ. මධ්‍යස්ථාන 2204කදී පැවති විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 74,614කි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
http://ift.tt/2i7GIar
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_531.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_531.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy