සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාන්තා සාමාජිකයින්ට ඉරිදා දිනය නිවාඩු දිනයක් බවට පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාන්තා සාමාජිකයින්ට ඉරිදා දිනය නිවාඩු දිනයක් බවට පත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව චක්‍රලේකය වලංගු බවයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාන්තා සාමාජිකයන් 5000ක් පමණ සේවය කරයි.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉරිදා දිනයේ දී අදාළ අවශ්‍යතාවය මත සිවිල් ආරක්ෂක කාන්තා සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය වනු ඇති බව චන්ද්‍රරත්න පල්ලේගම මහතා අවධාරණය කළේය.
COMMENTS