නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. නව අමාත්‍ය මණ්ඩලය අද (20) උදෑසන...
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය අද (20) උදෑසන 8.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බවයි.
කැබිනට් අමාත්‍ය ධුර සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් යොමු කරන ලද නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මෙම පත් කිරීම් සිදු කරනු ඇති බව හෙතෙම කියා සිටියේය.
අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 20 දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව ද දයා ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS